මෙරට ආර්ථිකය සුබ වෙන ලකුණූ... ලැබුණු නවතම ආරංචිය මෙන්න.
මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් හා ජනාධිපතිවරයා අතර අද (01) සිදුකළ සාකච්ඡාවක් අතරතුදී කෙටි කලක් තුළදී රට ස්ථාවර කිරීමට සහ ආර්ථිකය වර්ධනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගත් පියවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්ව තිබෙනවා.
මේ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ප්‍රකාශ කළා.
එහිදී ඔහු කියා සිටියේ ,
උපුටා ගැනීම
"බාධාවකින් තොරව තුන්වෙනි සමාලෝචනය සම්පූර්ණ කරන්නත් ඒ හරහා අපිට 4 වන වාරිකය ප්‍රමාද නොවී ලබා ගැනීමටත් අවශ්‍ය වැඩපිළිවෙළ අපි සාකච්ඡා කළා. ඒක ඉතා වැදගත් අපිට. යම්කිසි හේතුවක් නිසා 04 වන වාරිකය නිදහස් කිරීම ප්‍රමාද වුනොත් රටේ ආර්ථික තත්ත්වයට කිසියම් අහිතකර බලපෑමක් ඇති වෙනවා." යනුවෙන්.
2023 වසරේ මුල් භාගයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ පහසුකමක් අනුමත වුණා.
එහි පළමු වාරිකය 2023 මාර්තු මාසයේ අනුමත වූ අතර අනතුරුව එහි දෙවැනි වාරිකය දෙසැම්බර් මාසයේත්, තෙවැනි වාරිකය ඉකුත් ජුනි මාසයේදීත් වශයෙන් මේ වන විට අමෙරිකානු ඩොලර් බිලියනයක් මේ වන විට ශ්‍රී ලංකාවට ලැබී අවසන්.
මෙහිදී මීට සමගාමීව සිදුකළ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළද සාර්ථක එකඟතාවකට පැමිණීමට ශ්‍රී ලංකාව මේවන විට සමත්ව තිබෙනවා.
කෙසේවෙතත් මේ වන විට අප රටේ පවත්නා ආර්ථිකය යම් තාක් දුරට ස්ථාවර වෙමින් පවතින බව වාර්තාවනවා.