මෙරට ආර්ථිකයේ කැපීපෙනෙන වර්ධනයක්.. ඉදිරියේදි තවත් සුබයි..
Socio Economic Development Trust
Sri Lanka Economic Crisis
Economy of Sri Lanka
By Sewvandhi
ශ්‍රී ලංකාවේ විදේශ ණයවල කැපී පෙනෙන අඩුවීමක් සමගින් සමස්ත ණය බරෙහි 2.76% පහත වැටීමක් සිදුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
එක්ස්හි සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ 2024 අප්‍රේල් 30 වන විට ශ්‍රී ලංකාවේ මුළු ණය බර පිළිබදව විග්‍රහයට අනුවයි.
පසුගිය වසරේ දෙසැම්බර් සිට 2024 අප්‍රේල් 30 දක්වා කාළය තුළ, ශ්‍රී ලංකාව සිය රාජ්‍ය ණය තොගයේ 2.76% කින් කැපී පෙනෙන අඩුවීමක් අත්කර ගෙන ඇති බවයි ඔහු සදහන් කළේ.
ඒ අනුව මූලික වශයෙන් විදේශ ණයෙහි සැලකිය යුතු 9.2% ක අඩුවීමක් පෙන්වන බව ඔහු පෙන්වා දෙයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ මෙම ධනාත්මක ප්‍රවණතාවය රටේ ඵලදායී ණය කළමනාකරණය සහ ශක්තිමත් වූ විනිමය අනුපාතිකය පිළිබිඹු කරන බවයි.