මෙරට ආර්ථිකය අද වන විට පවතින තත්ත්වය ගැන ප්‍රභලයකුගෙන් විශේෂ අනාවරණයක්..! නව අගමැති යටතේ ශ්‍රී ලංකාව් යළිත් නගා සිටුවීමට හැකිද..?
අචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙරට ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් අන්තර්ජාල සාකච්ඡාවකට එක්වෙමින් අදහස් පළකර තිබුණි. හිටපු මහ බැංකු අධිපතිවරයෙක් සහ බහුපාර්ශ්වික කටයුතු සහ ණය තිරසාරභාවය පිළිබඳ ජනාධිපති උපදේශක සභාවේ සාමාජිකයෙකු ලෙසද ඔහු කටයුතු කරයි.
ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා, "
ප්‍රමුඛත්වය දියයුතු මූලික කාරණා 5න් එකක් තමයි ආධාර වැඩසටහන. මහ බැංකු අධිපතිතුමා කියලා තියෙනවා ඔහුට විශ්වාසයි කියලා IMF කාර්ය මණ්ඩල මට්ටමේ සාකච්ඡාවලින් ඉක්මනින්ම එකඟතාවයකට එන්න පුළුවන් වෙයි කියලා."
"සති 4ත් 8ත් අතර කාලයේදී බොහෝදුරට අවස්ථාවක් තියෙනවා කාර්ය මණ්ඩල මට්ටමේ සාකච්ඡාවලින් එකඟතාවයකට එන්න."
"වාසනාවන්ත වුණොත් ඊට කලිනුත් පුළුවන් වෙයි. පසුව IMF කාර්ය මණ්ඩලය එහි විධායක මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන්න තියෙනවා."
"හදිසි මූල්‍ය පහසුකමක් හරහා අපිට බිලියනය බැගින් වසර 3ක් ලබාගන්න.. එය සිදුවන්නේ නම් අපිට ණය තිරසාරභාවය සඳහා සැලකියයුතු ප්‍රගතියක් පෙන්වන්න වෙනවා."
"ආණ්ඩුව ණය ගෙවීම අත්හිටුවීම නිවේදනය කර තිබෙනවා. වෙන විකල්පයක් තිබුණේ නැහැ. නව අධිපතිවරයා තනතුර භාරගෙන දින කිහිපයකින් ඔහුට මුහුණ දෙන්න සිදුවුණ වතාවරණය, ඒ දවසේ අප්‍රේල් 13 වනදා නිල සංචිත අමෙරිකානු ඩොලර් මිලියන 5කට අඩුවෙලා තිබුණා. භාවිත කළ හැකි නිල සංචිත අමෙරිකානු ඩොලර් මිලියන 5කට අඩුවෙලා තිබුණා." "
මුදල් ඇමති පාර්ලිමේන්තුවේදී කිව්වා එය ඩොලර් මිලියන 50කට අඩුයි කියලා."
"නමුත් අප්‍රේල් 13 එය අමෙරිකානු ඩොලර් මිලියන 5කට අඩුවෙලා තිබුණා."
"ඒ නිසයි ඒ ආකාරයෙන් ණය ගෙවීම අත්හිටුවමට නිවේදනය කළේ. ඊළඟට සිදුවිය යුත්තේ මූල්‍ය සහ නීති උපදේශකයින් පත්කිරීම. ප්‍රසම්පාදන කමිටුව ඔවුන්ගේ කාර්යය අවසන් කරලා තියෙන්නේ."
"ඒ නිර්දේශ සඳහා කැබිනට් අනුමැතිය අවශයයි. මොනවා කළත් එය ඉතාම ඉක්මනින් කළ යුතුයි." "ඉන්දියාව අපිට සැලකිය යුතු සහායක් දෙනවා."
"නමුත් අපිට මුදල් ප්‍රමාණයක් අවශ්‍යයි. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ජපාන අග්‍රාමාත්‍යවරයාගෙන් ලිපියකින් ඉල්ලා තිබෙනවා. ඔවුන් ඉක්මනින් මානුෂීය ආධාර ලබාදෙයි."
"නමුත් අපිට බලාගෙන ඉන්න වෙන්වා ඔවුන් මූල්‍ය පද්ධතියට තවත් උපකාරයක් කරයි ද කියලා." "චීනය සමග කතා කළ හැකි එක් කාරණයක් තමයි චීන මුදල් හුවමාරු පහසුකම භාවිත කිරීමට නොහැකි කරමින් පනවා ඇති සීමාව ඉවත් කරගන්න පුළුවන් ද කියන එක."
"ඒ සල්ලි දැනට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව තිබෙනවා. එක පෑන් පහරකින් එය භාවිත කළ හැකි තත්ත්වයට පත්කළ හැකියි." "ඒ බිලියන 1.5 ඉතාම උපකාරී වෙයි. එය ද්‍රවශීලි නිසා."
මේ අතර පසුගිය මාර්තු 09 වනදා සිට ශ්‍රී ලංකා රුපියලේ අගය පාකිරීමට ගත් තීරණයත් සමග විදෙස් මුදල් ඒකක හමුවේ ශ්‍රී ලංකා රුපියල විශාල වශයෙන් අවප්‍රමාණයට ලක්වීම අඛණ්ඩව සිදුවුණි
. මෙම පසුබිම තුළ මීට දින දෙකකට පෙර මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියාසිටියේ විනිමය අනුපාතිකයේ අභ්‍යන්තර අස්ථාවරත්වය කළමනාකරණය කිරීම සඳහා මහ බැංකුව මැදිහත්වීමට වාණිජ බැංකු ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදී එකඟතාවයකට පැමිණි බවය.
ඒ අනුව මහ බැංකුව විසින් විනිමය වෙළෙඳපොළේ අන්තර් බැංකු ගනුදෙනු සඳහා මධ්‍යම අනුපාතිකයක් ප්‍රකාශයට පත් කිරීම සිදුවෙයි. අද දිනය සඳහා අන්තර් බැංකු මධ්‍යම අනුපාතිකය රුපියල් 360ක් බව මහ බැංකුව බලපත්‍ර ලාභී වාණිජ බැංකු වෙත දැනුම් දී තිබුණි.
එම අගයේ සිට රුපියල් දෙකයි ශත 60ක මුදලක් ඉහළින් සහ පහළින් අවසරලත් වෙනසක් සහිතව ගනුදෙනු කළ යුතුය. මුදල් මණ්ඩලය ගනු ලැබූ එම පියවරත් සමග මෙරට බලපත්‍ර ලාභී වාණිජ බැංකු කිහිපයකම එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය අද දිනයේදී රුපියල් 365ක් දක්වා පහළ ගොස් තිබෙනු දක්නට ලැබුණි. ඊයේ වාණිජ බැංකුවලට අනුව ඩොලරයක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 380 ක් ලෙසිනි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |