මේ ගෙවෙන සති 3න ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්..! දැනට පවතින ඉන්ධන සංචිත සහ නැවත ලැබෙන දිනය ගැනත් කියයි
ලාංකිකයන් මෙි ගෙවමින් සිටින්නේ තමා කලින් සඳහන් කළ අසීරුතම සති තුනක කාලය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී අද (29) පැවසීය.
ඉන් පසුව එළැඹෙන කාලය මීට වඩා ක්‍රම ක්‍රමයෙන් හොඳ අතට හැරෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
දැනට පෙට්‍රල් නැවක් පැමිණීමට නියමිත ආසන්නතම දිනය ජූලි 22 බව කී අග්‍රාමාත්‍යවරයා ඉන්දියාව සමඟ සාකච්ඡා කොට ඊට පෙර ඉන්ධන නැවක් හෝ දෙකක් ගෙන්වා ගැනීමට උත්සාහ ගනිමින් සිටින බවද සඳහන් කළේය.
ඩීසල් ලබා ගැනීමට මුදල් තිබුනත් රුසියා යුක්රේන අර්බුදය නිසා නැව් සොයා ගැනීමේ අර්බුදයක් පැන නැගී තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා කීය.
ලංකාවේ දැන් සිදුවී ඇති ආර්ථික කඩාවැටීම 1969 වසරේ කෝපි ආර්ථිකය කඩා වැටීමෙන් වූ තත්ත්වයටත් වඩා දරුණු තත්වයක් බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී පැහැදිලි කළේය.
ඩීසල් හා පෙට්‍රල් අර්බුදය හදිසි තත්ත්වයක් නොවේ යැයි ද මාස ගණනාවක සිට තෙල් නැව් ගෙන ඒමෙි කළමනාකරණ දුර්වලතාවය නිසා සිදු වූ දෙයක් බව ද සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවෙන් මුදල් ලබාගෙන ඉන්ධන නැව් කිහිපයක් ගෙන්වා ගැනීමට සාකච්ඡා කරන බවද සඳහන් කළේය.
දැනට ලංකාව සතුව තිබෙන්නේ ඩීසල් මෙට්‍රික් ටොන් එකොළොස් දහසක් පෙට්‍රල් මෙට්‍රික් ටොන් හත් දහසක් සහ දැවිතෙල් මෙට්‍රික් ටොන් තිස් දහසක් බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |