ආහාර ගත් විගස අතුරුපස ගත්තොත් මොකද වෙන්නේ?
සාමාන්‍ය ඔබ ආහාර ලබා ගැනීමෙන් පසු අතුරුපසක් ගන්න පුරුදු වෙලාව ඉන්නවා. ඔබ එය එක එක විදහට ගන්න පුළුවන්. ඒ කොහොම වුණත් ඔබ ආහාර ගැනීමෙන් අනතුරුව කරන වැරදි පුරුදු කිහිපයක් ගැනයි මේ කියන්න හදන්නේ. ඒ දේවල් ඔබේ සෞඛ්‍යට අහිතකර බලපාන්න පුළුවන්.
ආහාර ගැනීමෙන් පසු වතුර ගොඩක් බොනවද?
🔸 ඔබ ආහාර ගත් විගස කිසිම වෙලාවක cool වතුර බොන්න එපා. ඒ වගේම වැඩිපුර වතුර පානය කරන්නත් එපා.
🔸 මොකද එමඟින් ආහාර ජීර්ණයට බාධා එල්ල වෙනවා.
🔸 හැබැයි ආහාර ලබාගෙන විනාඩි 20 - 30ක් විතර ගියාට පස්සේ ටිකක් වැඩිපුර වතුර බිව්වට නම් වරදක් නැහැ.
🔸 මේ හැමදේටම වඩා හොඳම දේ ආහාර ලබා ගැනීමෙන් පසු උණු වතුර වීදුරුවක් බොන එක. එමඟින් ආහාර ජීර්ණය පහසු කරන අතර ආහාර වල ඇති කොලෙස්ටරෝල් පාලනය කිරීමට ද පුළුවන්.
ආහාර ගත්තට පස්සේ තේ බොනවද?
🔸 මෙය ගොඩක් දෙනෙක් කරන වැරද්දක්. සාමාන්‍යයෙන් ආහාර ගත්තට පස්සේ තේ පානය කිරීමෙන් ආහාර වල ඇති පෝෂණ ගුණයට හානි වෙනවා.
🔸 ඒ වගේම පෝෂණ කොටස් ශරීරයට උරා ගැනීම ද අවම වෙනවා.
🔸 මේ තත්වය දීර්ඝ කාලයක් සිදු වුණොත් ඔබ පෝෂණ ඌනතාවයන්ට ලක් වෙන්නත් පුළුවන්.
🔸 එවිට ශරීරයේ ලේ අඩු වී ක්ලාන්තය, කරකැවිල්ල, ඇඟට ශක්තිය නොමැති කම, තෙහෙට්ටුව වගේ තත්වයන් ද ඇතිවීමේ ඉඩකඩ වැඩියි.
ආහාර ගත් විගස අතුරුපසත් ගැනීම අගුණ ද?
🔸 බඩ පිරෙන්න කෑම කාපු ගමන් අතුරුපස ගැනීමෙන් දිරවීමේ අපහසුතා ඇති වෙන්න පුළුවන්.
🔸 ඒ වගේම ඒවා දිරවන්න ලොකු ශක්තියක් වැය කරන්න වෙනවා. මේ නිසාම කාලයක් යද්දී ඔබට දියවැඩියා රෝගය වුණත් වැළදෙන්න පුළුවන් බව මතක තියාගන්න.
🔸 ඒ නිසා අතුරුපස වලටත් ඉඩ තියාගෙන කෑම ගන්න. එහෙම නැත්තන් ටික වෙලාවක් ඉඳලා අතුරුපස ගන්න.
ඇවිදීම
🔸 ආහාර ගත් විගස ඇවිදීමෙන් වළකින්න. මොකද එමඟින් ආහාර වල පෝෂණ කොටස් අවශෝෂණය වීම අඩපණ වෙනවා. ඒ නිසා ආහාර ලබාගෙන අඩුම විනාඩි 30කින් පමණ ඇවිදින්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |