ශ්‍රී ලංකාවට ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක්..සුනාමි අනතුරු ඇඟවීමක්..?

Tsunami India Earthquake Weather
By Aruna Jan 21, 2024 02:36 AM GMT
Report

නිරිතදිග ඉන්දියානු සාගරයේ ප්‍රබල භූ කම්පනයක් ඇති වී තිබෙන බව වාර්තා වනවා.

අමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ, එහි ප්‍රබලත්වය රිච්ටර් මාපක 6.2ක් බවයි. මෙම කම්පනයේ, මධ්‍ය ලක්ෂය ඉන්දියානු සාගරයේ කිලෝමීටර් 10ක් ගැඹුරින් පිහිටා තිබූ බව සඳහන්.

එහි අපිකේන්ද්‍රය මැඩගස්කරයේ සිඔම්බේ සිට කිලෝමීටර් 1623.5ක් දුරින් පිහිටා තිබූ බව ද අමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත් අදාළ කම්පනයෙන් මාලදිවයිනට, ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට සුනාමි තත්වයක් හෝ වෙනත් කිසිදු බලපෑමක් නොමැති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, ඊයේ (20) දිනයේ දී රිච්ටර් මාපක 6කට වැඩි අගයකින් යුතුව වාර්තා වූ තෙවන භූ කම්පනය මෙය වන බවයි.

Sponsored By Sarrita Jewellery

ශ්‍රී ලංකාවට ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක්..සුනාමි අනතුරු ඇඟවීමක්..? | Earthquake Indian Ocean