ඊයේ රාත්‍රී භූමිකම්පාවෙන් 120ක් මියයයි..1000ක් තුවාල ලබයි..
ඉරාන දේශසීමාව ආසන්නයේ බටහිර ඇෆ්ගනිස්ථානයට බලපෑ ප්‍රබල භූමිකම්පාවෙන් මිනිසුන් සිය ගණනක් මිය ගොස් අවම වශයෙන් 1,000 ක් පමණ තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
ඊයේ (07) රාත්‍රී 11.00ට පමණ ඇති වූ මෙම භූමි කම්පාව රිච්ටර් මාපක 6.3 ක ප්‍රබල අගයක සටහන්ව තිබුණා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එය ඇෆ්ගනිථානයේ බටහිර හේරට් නගරයේ සිට කිලෝමීටර් 40 ක් පමණ දුරින් ඇති වූ බවයි.
මෙමඟින් බොහෝ ගොඩනැඟිලිවලට හානි සිදු වී ඇති අතර, මිනිසුන් සුන්බුන් යට සිර වී සිට ඇති අතර භූමි කම්පාව සමඟ පසුකම්පන තුනක් ඇති වී තිබේ.
භූමි කම්පාවෙන් දිවි ගලවා ගත් අය ඔවුන් මුහුණ දුන් බියජනක අත්දැකීම් විදෙස් මාධ්‍ය වෙත විස්තර කර තිබුණේ මෙලෙසින්,
"අපි අපේ කාර්යාලවල ඉන්නකොට හදිසියේම ගොඩනැඟිල්ල හෙලවෙන්න පටන් ගත්තා.
වෝල් ප්ලාස්ටර් බිමට වැටෙන්න පටන් ගත්තා. බිත්ති ඉරිතැළුණා.
සමහර බිත්ති සහ ගොඩනැඟිලි කොටස් කඩා වැටුණා." තවත් අයෙක් පැවසුවේ, "මට මගේ පවුලට කතා කරන්න බැරි වුණා.
ජාල සම්බන්ධතා විසන්ධි වෙලා තිබුණේ. මම ගොඩක් කනස්සල්ලටත් හා බියටත් පත් වුණා." කියායි.
මේ වන විට තුවාල ලැබූ කාන්තාවන්, ළමයින් සහ වැඩිහිටි පුරවැසියන් 1,000 කට වැඩි ප්‍රමාණයක් සිටින බවත් 120 දෙනෙකුට පමණ ජීවිත අහිමි වුණ බවත්, පළාතේ ආපදා කළමනාකරණ ප්‍රධානී මෝසා අෂාරි මාධ්‍ය වෙත කියා සිටියා.