ඉන්දුනීසියාවේ ප්‍රභල භූ කම්පනයක්.. සුනාමි අනතුරු අඟවයි..ශ්‍රී ලංකාවටත් සුනාමියක්?(VIDEO)

Earthquake Indonesia
By Aruna Dec 14, 2021 05:34 AM GMT
Report

ඉන්දුනීසියාවේ නැගෙනහිර ෆ්ලෝරස් මුහුදු ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ 7.7ක ප්‍රබල භූ කම්පනයක් ඇති වී තිබෙනවා.

ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපත ආසන්නයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් පසු ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය විසින් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

කෙසේවෙතත් මේ හේතුවෙන් ශ්‍රී ලංකාවටද සුනාමි තත්ත්වයක් ඇති වෙයිද යන්න තවමත් දැනුම් දී නැහැ.

මේ වසරේ මැයි මාසයේදී, සිකුරාදා ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ වයඹ දිග වෙරළට ඔබ්බෙන් වූ රිච්ටර් මාපකයේ 6.6 ක භූමිකම්පාවක් සිදු වූ බව GFZ ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) පවසයි.

අවසන් වරට ඉන්දුනීසියාවේ භූමිකම්පාවකින් සුනාමියක් ඇති කළේ 2004 වසරේ දී ය.

2004 දෙසැම්බර් 26 වන දින වයඹ දිග සුමාත්‍රා වෙරළට ඔබ්බෙන් වූ රිච්ටර් මාපක 9.1 ක ප්‍රභල භූමිකම්පාවක් ඇති වුණා.

මෙමගින් ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව, ඉන්දියාව, තායිලන්තය ඇතුලු රටවල් කිහිපයකට දැඩි බලපෑම් සිදු විය.

එමගින් මිනිසුන් 230,000 කට වඩා මිය ගියා.

මේ අතර මීට සුළු මොහොතකට පෙර සිදු වූ ප්‍රභල භූකම්පනයෙන් පසු ඉන්දුනීසියාවේ තත්ත්වය පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now