රුධිර කැටියක් ඇති බව හඟවන පූර්ව රෝග ලක්ෂණ.
රුධිර කැටි ගැසීම කියන්නේ රුධිර නාලයකට තුවාල වූ විට අධික රුධිර වහනය වළක්වන වැදගත් ක්‍රියාවලියකි. ජෙල් වැනි ඝනකම් ස්වභාවයකට හැරුණු සෛල හා ප්‍රෝටින් රැගත් රුධිරයයි. එනම් පට්ටිකා (රුධිර සෛල වර්ගයක්) සහ ඔබේ ප්ලාස්මාවේ ඇති ප්‍රෝටීන වල එකතුවක්.
🩸 සාමාන්‍යයෙන් කැපීමක්, සීරීමක් හෝ තුවාලයක් වූ විට රුධිර වාහිනිවලින් ඉවතට රුධිරය ගලයි. රුධිරය ඉවතට ගැලීම නවතින්නේ ලේ කැටි සෑදීමෙනි. ඒ අනුව ලේ වහනය වීමෙන් සිරුර ආරක්ෂා කරනවා.තුවාලය සුවවීමත් සමඟ සාමාන්‍යයෙන් ඒවා දියවී යන අතර එය සාමාන්‍ය තත්වයක්. ඔබේ සෞඛ්‍යට කොහෙත්ම හානියක් වන්නේ නැහැ.
🩸 නමුත් ඔබේ සිරුරේ අභ්‍යන්තර ශිරාවල රුධිර කැටි ඇතිවීම් අතිශය භයානකයි. එමඟින් ඔබට මරණය පවා ගෙන එන්නකි. හරියට කියනවා නම් මේ කියන්නේ නාල වල රුධිර කැටියක් සිරවුණොත් සිදු වන දේ ගැනයි. රුධිර කැටියක් එය හටගත් ස්ථානයෙන් කැඩී ඉවත් වී සිරුරේ පෙනහළු හෝ හෘදය වැනි අවයවයක් වෙත ගමන් කර තිබුණහොත් වඩාත් බරපතල ආකාරයේ සෞඛ්‍ය ගැටළු මතු කරනවා.
රුධිර කැටියක් ඇති වීමට බලපෑ හැකි සාධක
🩺 දුම්පානය
🩺 තරබාරුකම
🩺 ගර්භනීභාවය
🩺 හෘද සහ පෙනහළු රෝග
🩺 පිළිකා (විශේෂයෙන් මොළය, අස්ථි, අග්න්‍යාශය, ඩිම්බ කෝෂ සහ ලිම්ෆෝමා), රසායනික චිකිත්සා (chemotherapy)
🩺හෝර්මෝන ප්‍රතිකාර (උපත් පාලන පෙති ගැනීම වැනි)
🩺 රූමැටොයිඩ් ආතරයිටිස් වැනි ප්‍රදාහක තත්ත්ව
🩺 කම්පන
🩺 දියවැඩියාව
🩺 සමහර සැත්කම්
🩺 නිදන්ගත රෝග
🩺 අධි රුධිර පීඩනය
🩺 අධික කොලෙස්ටරෝල්
🩺 නිශ්චලතාව (දිගු අක්‍රියතාව, ගුවන් යානයෙන් හෝ මෝටර් රථයකින් දිගු සංචාර ඇතුළුව)
🩺 වයස (වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සඳහා වැඩි අවදානමක්)
🩺 අස්ථියක් බිඳීයාමකදී හෝ මාංශ පේශීයක් වඩාත් අහිතකර ආකාරයකට ඇදීයාමකදී.
රුධිර කැටි ගැසීමක් කල් තියා හඳුනාගැනීමට නම් මෙවැනි රෝග ලක්ෂණ ඔබට පෙන්නුම් කරන්නේ දැයි විමසිලිමත්ව සිටින්න.
1. ඉදිමීම
🦵 විශේෂයෙන් කකුලේ ඉදිමීම (leg edema).
🦵 එය ප්‍රාථමික රෝග ලක්ෂණ වලින් එකකි.
🦵අනෙක් කකුලට සාපේක්ෂව එක් කකුලක පෙනුමේ සහ සංවේදනයේ කැපී පෙනෙන වෙනසක් ඔබට දැකිය හැකියි.
🦵 නැඟිට ඇවිදීමට පටන් ගන්නා විට ඔබේ කකුලේ තරලයක් එකතු වී ඇති බවක් ඔබට දැනෙන්නට පුළුවන්.
2. වේදනාව සහ සංවේදීතාව
🦵 වේදනාව සමඟ ඉදිමීම ඇතිවීම රුධිර කැටි ගැසීමක් ම නොවෙන්නත් පුළුවන්.
🦵 මෙවැනි තත්වයකදී ඉදිමීමකදී පාදයේ වේදනාව සහ මුදු මොළොක් බව ඇති විය හැකයි.
🦵 පාදයේ වේදනාව මෙහි වඩාත් කැපී පෙනෙන රෝග ලක්ෂණයකි.
🦵 විවිධ හේතූන් නිසා ඔබට තියුණු සහ/හෝ දැවිල්ලක් මෙන් දැනෙන කකුලේ වේදනාවක් සහ සංවේදීතාවයක් කකුලේ ඕනෑම තැනකින් මතු විය හැකියි.
🦵 කෙසේ වෙතත්, ලේ කැටි ගැසීම් ආශ්රිත පාදයේ වේදනාව සහ මුදු මොළොක් බව කෙණ්ඩා ප්‍රදේශයට මෙන්ම මැද කලවා ප්‍රදේශයට (කලවා මැද සිට පිටත පැති දක්වා) සීමා වීමට බොහෝ දුරට ඉඩ ඇත.
🦵 එවැනි අය නිශ්චිත වේලාවක් විවේකයක් ගන්නා විට (පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්) ඔවුන්ගේ වේදනාව පහව යන බව දකිනු ඇත, ඔවුන් නැවත ඇවිදීම ආරම්භ කරන විට නැවත තියුණු වේදනාව පැමිණීමට ඉඩ ඇත.
🦵 ඇවිදීමේදී එවැනි වේදනාවක්, නියමිත වේලාවක් විවේක ගැනීමේදී අඩුවීමක් සහ නැවත වේදනාව මතුකිරීමක් ඔබ දුටුවහොත්, ඔබ අනිවාර්යයෙන්ම වෛද්‍ය උපකාර ලබා ගත යුතුය.
🦵 මිරිකීමේදී තියුණු වේදනාවක් දැනේ දැයි බැලීමට කෙණ්ඩා පේශිය මිරිකන්න.
🦵 ලේ කැටි ගැසීම් රෝගයෙන් පෙළෙන පුද්ගලයෙකු තම පාදය කෙළින් ඉහළට ඔසවමින් තම දෑතින් තම කකුලේ ඇඟිලි තමන් දෙසට ඇදීමේදි වේදනාව දැනිය හැකියි.
🦵 මෙය Homan’s Test ලෙස හැඳින්වේ.
🦵 සාමාන්‍යයෙන්, කැටි ගැසීම බරපතල මට්ටමකට පැමිණ නොමැති නම්, වාඩි වී සිටින විට හෝ වැතිර සිටින විට එවැනි වේදනාවක් ඇති නොවේ.
3. අසාමාන්‍ය උණුසුම
🦵 කකුලේ රුධිර කැටියක් ඇති අයෙකුට කැටි ගැසී ඇති ප්‍රදේශයේ අසාමාන්‍ය උණුසුමක් දැනිය හැක.
🦵 මෙය සාමාන්‍යයෙන් ඉදිමීම සහ වේදනාව වැනි වෙනත් රෝග ලක්ෂණ සමඟ ඇති විය හැකි නමුත් රෝග ලක්ෂණ වලින් තොරව ද පැවතිය හැකිය.
🦵 කෙසේ වෙතත්, එය ස්පර්ශ කරන විට උණුසුම් හා මොළොක් බවක් දැනීමට ඉඩ ඇත.
🦵ඔබ ඇවිදීමෙන් පසු වේදනාව අත්විඳින සෑම අවස්ථාවකම, විවේක ගැනීමට වාඩි වී සිටින සෑම අවස්ථාවකම, වේදනාව ඇතිවන බව ඔබට හැඟෙන ප්‍රදේශය මත අතින් ස්පර්ෂ කර බලන්න.
🦵 කකුල උණුසුම් නම්, එය මෙම බරපතල තත්වයේ සංඥාවක් විය හැකි බැවින් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුයි.
4. සම දුර්වර්ණ වීම
🦵 අහේතුකව සම මතුපිට රතු හෝ නිල් පැහැයට හැරීම, ඔබේ අත් වල හෝ පාදයේ රුධිර කැටියක් ඇති බවට පූර්ව සංඥාවක් විය හැකිය.
🦵සමේ මෙම ප්‍රදේශය ආශ්‍රිතව අතට මොළොක් බවක් සහ උණුසුම් බවක් දැනිය හැකි අතර කකුලේ ඇඟිලි උඩු අතට විහිදුවන විට වේදනාවක් දැනීම ද සිදුවිය හැකියි.
🦵සමට ඇතිවූ හානිය නිසා පසුකාලීනවද සමේ දුර්වර්ණ බව එසේම පැවතිය හැකියි.
🦵රුධිර කැටියක් යනු, මූලික වශයෙන්, නහරයට සිදුවන කම්පනයක් වන නිසා ශිරා ප්‍රදාහය ඇති විය හැකියි.
🦵 සමේ මෙම කොටස ආශ්‍රිතව කැසීම, අධික ලෙස වියළී යාම වැනි ගැටලු ඇතිකළ හැකි අතර මෙය සිදු වුවහොත්, එම ප්‍රදේශය කැසීමෙන් සීරීමෙන් වළකින්න.
🦵 ඉන් සමට මෙන්ම යටින් පවතින රුධිර කැටිය තවදුරටත් උග්‍ර විය හැකියි.
5. අප්‍රාණිකබව
🦵 ලේ කැටි ගැසීම් ඇති රෝගියෙකුට ඔවුන්ගේ කලවා මැද පිහිටා ඇති පේශි වල විශේෂිත දුර්වලතාවයක් දැනිය හැකියි.
🦵 බොහෝ විට ඔවුන්ගේ කකුල් වලට තම ශරීරයේ බර උසුලන්නට නොහැකි බව දැනෙන්නට පුළුවන්.
🦵 මෙම අප්‍රාණික හැඟීම ක්ලාන්තය සහ මානසික දුර්වලතා සමඟ ඇතිවිය හැකියි.
🦵 මඳ වේලාවක් විවේක ගෙන දියර යම් ප්‍රමාණයක් පානය කිරීමෙන් පසු මෙම හැඟීම පහව යයි.
🦵 මෙය ලේ කැටි ගැසීම් හි ප්‍රාථමික සහ වඩාත් සුලභ රෝග ලක්ෂණයක් නොවේ, නමුත් එය බොහෝ රෝගීන් තුළ සිදු වන අතර ඒ නිසා අවධානයෙන් සිටින්න.
🦵 ඉහත රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ කකුලේ රුධිර කැටිය තවමත් වෙන් වී නොමැති බවයි.
පහත දැක්වෙන රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ ලේ කැටි ගැසීම් හි බරපතල අවධියක පසු වන බව සංඥා කරනවා.
6. උණ
🦵 තදබල නොවන උණ යනු ලේ කැටි ගැසීම් හි රෝග ලක්ෂණයක්.
🦵 උණ යනු පොදු රෝග ලක්ෂණයක් වන අතර එය බරපතල ප්‍රතිවිපාක පෙන්නුම් කළ හැකියි.
🦵 බොහෝ අවස්ථාවන්හීදී, රුධිර කැටිය ඔබේ පෙණහලුවලට ගමන් කර එහි තැන්පත් වී ඇති බව පෙන්නුම් කරයි, එමගින් අවහිරයක් ඇතිබව සංඥා කරන අතර පෙනහළු වලට ගමන් කර රුධිර ප්‍රවාහය අවහිර කරයි.
7. හුස්ම හිරවීම
🦵 මෑතක සිට ගැඹුරු හුස්ම වාරයන් ගැනීම ඔබට අපහසුවී ඇති බවක් හදිසියේම ඔබට අවබෝධ වේ නම් , එය ඔබේ පෙනහළුවක් තුළ රුධිර කැටියක් ඇති බවට පූර්ව සංඥා පෙන්නුම් කිරීමක් විය හැකියි.
🦵 හුස්ම හිරවීම යනු රුධිර කැටිය පෙනහළු තුළ සාර්ථකව තැන්පත් වී ඇති බවට , පෙනහළු හරහා රුධිර ගමනාගමනය පමණක් නොව වාතය ගලායාමට බාධා කරමින් හුස්ම ගැනීම අවහිර කරනවා.
🦵 හුස්ම ගැනීම අසාමාන්‍ය ලෙස ඉක්මන් හා වේගවත් විය හැකියි.
8. පපුවේ වේදනාව
🦵 පෙණහලුවල රුධිර කැටියක් තැන්පත් වීම හේතුවෙන් පුද්ගලයෙකුගේ පෙනහළු අවහිර වී ඇති විට, හුස්ම ගැනීමට උත්සාහ කිරීමේදී ඇතිවන දැඩි වෙහෙස නිසා බොහෝ විට තියුණු පපුවේ වේදනාවක් ඇති වෙයි.
9. කැස්ස
🦵 කැස්ස යනු බරපතල ලේ කැටි ගැසීම් ආශ්රිත හුස්ම හිරවීමේ රෝග ලක්ෂණයකි.
🦵 පෙනහළු කරා ගමන් කරන රුධිර කැටියක් නිසා ඇතිවන බාධාව, හුස්ම ගැනීමට නොහැකි වීම සහ අපහසුතාව නොනවතින කැස්ස හරහා පෙන්නුම් කරයි. කැස්ස සමඟ රුධිරය පිටවීම හෝ එසේ නොවිය හැකියි.
10. අධික ලෙස දහඩිය දැමීම
🦵 බරපතල තත්වයේ ලේ කැටි ගැසීම් තත්වයන් ඇති පුද්ගලයෙකුට ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ සමඟ අධික ලෙස දහඩිය දැමීම සිදු වෙයි.
👉 කකුලේ රුධිර කැටිය පුද්ගලයාගේ පෙණහලුවලට පමණක් නොව ඔහුගේ හදවතට සහ මොළයට ද ගමන් කළ හැකි අතර, හෘදයාබාධයක් හෝ ආඝාතයක් පවා ඇතිවීමට හේතුවිය හැකියි. 👉 මෙවැනි රෝග ලක්ෂණ වලින් ඔබත් පීඩා විඳින්නේ නම් හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු වෙත යොමුවීඋපදෙස් සහ ප්‍රතිකාර ලබාගන්න. |
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |