පාස්පෝර්ට් එක ගන්න ඉන්න අයට මෙන්න විශේෂ දැනුම්දීමක්..
                                    
                    Passport
                
                                                
                    Sri lanka tea
                
                                                
                    Technology
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    ජූලි 01 වැනිදා සිට කල් ඉකුත්වන විදෙස් ගමන් බලපත්‍රවල කාලය තවත් වසරකින් දීර්ඝ කර තිබෙන බව වාර්තා වනවා.
ඊ පාස්පෝර්ට් ලබාදිමේ අරමුණින් එම තීරණය ගත් බවයි, ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ.
කිසියම් විදෙස් ගමන් බලපත්‍රයක් වලංගු වසර 10ක කාල සීමාව ඉක්මවීමෙන් පසුව ඊට තවත් වසරක කාලයක් ලබා දෙන්නේ, ඊ පාස්පෝර්ට් නිකුත් කරන තුරු පමණක් බවයි, පාලක ජනරාල්වරයා සඳහන් කරන්නේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ, නොවැම්බර් මාසයේ සිට ඊ පාස්පෝර්ට් නිකුත් කිරීම අරඹනු ලබන අතර සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍ර හිමියන් කඩිනමින් ඊ පාස්පොර්ට් ලබා ගන්නා ලෙසයි.
 
                 
                 
                                             
     
     
        
     
     
     
     
    