විදෙස්ගත වන්නන්ට අලුත්ම ක්‍රමවේදයක් - වැඩි විස්තර..

Sri Lanka Passport
By Sewvandhi Sep 29, 2022 08:12 AM GMT
Report

විදේශ සේවා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මොබිටෙල් එක්ව නව E chanrlling ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.

පිටරට රැකියා අවස්ථා සඳහා ඉල්ලුම් කරන ලාංකිකයන්ට විදේශ රැකියා අමාත්‍යාංශයේ කාලය නාස්ති නොකර මේ හරහා දිනයක් සහ වේලාවක් වෙන් කරගනිමින් සිය කාර්යයන් පහසුවෙන් ඉටුකර ගත හැකිය. මේ පිළිබඳ අදහස් දැක්වු විදේශ අමාත්‍යවරයා, 

 "කෙටි කාලීනව නැවත වෙන විකල්පයක් නැහැ. අපිට පිටරට රැකියා සඳහා අවස්ථා ලබාගැනීම සඳහා යන්න සිද්ධවෙලා තියෙනවා. එහිදී අපි දැක්කා විශේෂයෙන්ම ශ්‍රී ලංකිකයන්නට කම්කරු බළකාය, අපේ මිනිස්සු යනකොට ලිපිගොනු සහතික කිරීම සඳහා විශාල කාලයක් වැයවෙනවා.

ඒකට හේතුවක් තමයි අපි බලාපොරොත්තු නොවුණු විදිහට මේක දෙගුණ තෙගුණ වෙලා තිබෙනවා. පසුගිය අවුරුදු දෙක තුළ. ඒ නිසා දකින්න ඇති මිනිස්සු විශාල ප්‍රමාණයක් ඇවිල්ලා කාලය මෙතන නාස්ති කරනවා. ඒ නිසා අපිට මොනවද කරන්න පුළුවන් බැන බැන ඉන්න පුළුවන්. අපි කල්පනා කරලා බැලුවා විශේෂයෙන්ම SLT එකත් එකක් කතා කරලා මේකට කොහොමද විසඳුමක් දෙන්නේ කියලා."


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now