ජර්මන් පෑන්කේක් රෙසිපි එකක්.

Healthy Food Recipes
By Wayomi Oct 11, 2022 12:42 PM GMT
Report

ලොකු පොඩි කාටත් උදේට හෝ හවසේ tea time එකට කන්න පුළුවන් රස පෑන්කේක් රෙසිපි එකක් දෙන්නයි හදන්නේ. මේක ජර්මන් වල ජනප්‍රිය පෑන්කේක් වර්ගයක් වන අතර ඩච් බේබි පෑන්කේක් ලෙසද හඳුන්වනවා.  

 අවශ්‍ය ද්‍රව්‍ය

? බිත්තර 5

? කිරි කෝප්ප 1

? වැනිලා ස්වල්පයක්

? ලුණු පින්ච් එකක්

? පාන්පිටි කෝප්ප 1

? බටර් මේස හැඳි 2

සාදාගන්න ආකාරය

? ට්‍රේ එකකට බටර් ටික දාලා අවන් එකේ විනාඩි 2ක් තියලා මෙල්ට් කරගන්න.

? ඉතිරි සියල්ලම එකට දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න.

? දැන් මේ බැටර් එක ට්‍රේ එකේ තැන තැනට දාලා සෙල්සියස් 180°ට විනාඩි 15ක් වගේ බේක් කරගන්න.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW