“මගේ පෙම්වතා වෛද්‍යවරයෙක්, ලබන අවුරුද්දෙ විවාහ වෙන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා” දුෂී ප්‍රභා (PHOTOS )

Gossip Today Actors SL Actress Gossips
By Sithumi Aug 09, 2022 04:37 PM GMT
Report

මේවෙද්දී පුංචි තිරයේ විවිධාකාර චරිත ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට එන රංගන ශිල්පිනියන් අතර ඉන්න ජනප්‍රිය ‍මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක් තමයි දුෂී ප්‍රභා ඉලංගකෝන් කියලා කියන්නේ.

මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය කෙරෙන වන පිච්ච මල සුවඳයි ටෙලි නාට්‍යයේ රෝහිණීගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන ඇයට ඉහළ ප්‍රේක්ෂක ආදරයක් වගේම ආකර්ෂණයක් හිමිකර ගැනීමට හැකිව තිබෙනවා.

මේ විදිහට පුංචි තිරය ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට එන ඇය පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්ව අදහස් දක්වලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා. එහිදී ඇය ඇගේ ජීවිතයේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරමින් කියල තිබුණේ මේ විදිහේ කතාවක්.

ඉතින් මම බදුල්ලේ ඉපදිලා එහිම හැදී වැඩුණු කෙනෙක් කියල කියන ඇය කියන්නේ හාලි ඇළ මධ්‍ය මහ විදුහලෙන් තමයි මම අධ්‍යාපනය හැදෑරුවේ කියලයි. ඒ වගේම ඉස්කෝලේ යන කාලේ මම වේදිකාවට සම්බන්ධ වෙලා සමස්ත ලංකා, යෞවන සම්මාන උලෙළවල් නියෝජනය කර කුසලතා සම්මාන ලබලා තියෙනවා කියලයි ඇය පවසන්නේ.

මේ අතර පාසලේදී මම නාට්‍ය හා රංග කලාව විෂයක් විදියට හැදෑරුවා කියන ඇය කියන්නේ ප්‍රසිද්ධ වේදිකාවේ මුල්වරට රංගන දායකත්වය ලබා දුන්නේ ප්‍රේක්ෂකයන් බොහෝ ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය වේදිකා නාට්‍යයක් වන ජයසේකර අපෝන්සුගේ තටු කියන නාට්‍යයට කියලයි. ඒ විතරක් නොවෙයි ඔහුගේම ‘සීතා මං ආවා’ චිත්‍රපටය තමයි මගේ සිනමා ප්‍රවිශ්ටය වෙන්නේ කියන ඇය ඊට පස්සේ චන්දන එදිරිසිංහගේ ‘ෂෙලීනා’ නාට්‍යයේ පාරමී ලෙස උප ප්‍රධාන චරිතයක් මට ලැබුණා කියලයි පවසන්නේ.

තවද මම ‘ගුත්තිල’ කියල රජ කතාවක මල් කෙල්ලකගේ චරිතයකුත් කළා කියලත් ඇය කියන්නේ. ඒ වගේම මම ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්නේ සිරස තරු මංසල වැඩසටහන හරහා කියන දුෂී ප්‍රභා කියන්නේ මම බදුල්ලේ නිසා මගේ අධ්‍යාපන කටයුතුත් එක්ක නිතරම කොළඹ එන්න බැරි වීමෙන් ඒ ලැබුණු බොහෝ අවස්ථා මඟ හැරුණා කියලයි. ඊට කාලෙකට පස්සේ ලිලන්ත කුමාරසිරි අධ්‍යක්ෂණය කළ ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වුණු ‘අපේක්ෂා‘ ටෙලි නාට්‍යයේ අංජුලාගේ චරිතය තමයි මම නැවතත් පුංචි තිරයට ගෙනාවේ කියලත් ඇය සදහන් කරනවා.

කොහොම වෙතත් ‘මංදාරමෙන් එහා‘ ටෙලි නාට්‍යයේ තමයි මට උප ප්‍රධාන ද්විත්ව චරිතයක් ලැබුණේ කියන ඇය මම 2015 වසරේදී හෙද වෘත්තිය සඳහා විදෙස්ගත වුණා කියලයි ඇය පවසන්නේ. තවද මම අවුරුද්දකින් වගේ ලංකාවට ආවේ නැවත යන්න බලාගෙන කියන ඇය කියන්නේ නමුත් යන්න බැරි වුණා කියලයි.

ඊට පස්සෙ ආයිමත් මට රංගනයට අවස්ථාව ලැබුණා කියන ඇය පවසන්නේ ඒ දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වුණු සුරංග සතුරුසිංහගේ නාටක මාරයි නවයහ මාරයි කියන විනෝදාත්මක ටෙලි නාට්‍ය හරහා කියලයි. ඒ වගේම සීරියස් ඩ්‍රාමාවලට මම හරි ආසයි කියලයි ඇය කියන්නේ. මේ අතර රෙදි හැට්ට අඳින පැරණි ගැමි චරිතයක් රඟපෑමේ සිහිනයක් මට තියෙනවා කියන ඇය ආදරයට මමත් ආදරෙයි කියලයි පවසන්නේ.

ඒක ප්‍රේම සම්බන්ධයකින් පටන් ගත්තත්, ප්‍රපෝසල් එකකින් පටන් ගත්තත් අවංකකම, හොඳ ගතිගුණ තියෙනවානම් විවාහයට බාධාවක් නෙවෙයි කියලත් ඇය සදහන් කරනවා. මගේ පෙම්වතා වෛද්‍යවරයෙක් බව කියන ඇය අපි ලබන අවුරුද්දෙ විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලයි කියන්නේ.

ඒ වගේම විවාහයෙන් පස්සේ අපි විදෙස්ගත වීමට හිතාගෙන ඉන්නවා කියන ඇය හැබැයි එහෙම ගියත් මම කලාව අතහරින්නේ නැහැ කියලයි ඇය පවසන්නේ. ඉතින් ඉදිරියේදීත් ඉඩ ලැබෙන විදියට හොඳ නිර්මාණවලට දායක වෙන්න මම බලාපොරොත්තු වෙනවා කියලයි ඇය අවසාන වශයෙන් කියන්නේ.

GalleryGalleryGalleryGalleryGalleryGallery