රසිකයන්ගේ ආදරය මැද දුශේනීයි චතුරංගයි මංගල ගමනට

Latest Headlines Gossip Lanka Sinhala news Dusheni Miurangi
By R.rishma Oct 05, 2026 07:54 AM GMT
Report

ජනප්‍රිය රංගන ශිල්පිනී දුශේනි මියුරංගී සහ ජනප්‍රිය රංගන ශිල්පී චතුරංග කොඩිතුවක්කු අද (05) යුග දිවියට එළඹ තිබෙනවා.

කලක සිට පෙම්වතුන් ලෙස කටයුතු කළ ඔවුන් දෙදෙනාගේ ආදර සබඳතාව පිළිබඳව කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනා දැනුවත්ව සිටි බව සඳහන්.

මේ වන විට විකාශය වන ‘ජහුටා’ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේද දුශේනි සහ චතුරංගයි. එම ටෙලි නාට්‍යය හරහාද ඔවුන් දෙදෙනා පිළිබඳව ප්‍රේක්ෂකයන් අතර විශේෂ කතාබහක් ඇතිව තිබෙනවා.

ඔවුන් දෙදෙනා යුග දිවියට පිවිසි බවට පුවත සැලවීමත් සමඟ, ආදරණීය රසික රසිකාවියන් ඇතුළු බොහෝ දෙනා සමාජ මාධ්‍ය ඔස්සේ දුශේනිට සහ චතුරංගට සුබ පැතුම් එක්කර තිබෙන ආකාරය දක්නට ලැබුණා.

නව දිවියට පිවිසි මෙම ආදරණීය යුවළට අපිත් සුබ පැතුම් එක්කරමු!