විශ්වාසභංගය මැද රාජිත කෙහෙළිය ඇවිලෙයි - පාර්ලිමේන්තුව උණුසුම් වී ගිය සෞඛ්‍ය ඇමති විවාදය. (VIDEO)
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (06) දින පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරන ලදී.
එය දින 3 ක් පැවැත්වීමට නියමිතව ඇති අතර, ඊට අදාළ ඡන්ද විමසීම සිකුරාදා පස්වරු 5.30 ට පැවැත්වීමට නියමිතයි.
ඒ සම්බන්ධ විවාදයේ දී හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සුවිශේෂී කරුණු කාරණා රාශියක් සභාගත කල අතර, ඇතැම් කාරණා වලට එරෙහිව වත්මන් ඇමතිවරයා පිළිතුරු ලබා දීමට යාමේදී යම් උණුසුම් තත්වයක් ද සභා ගැබ තුළ මතු විය.
එහිදී යහපාලන ආණ්ඩුව සමයේ දී ඖෂධ නිෂ්පාදනය සම්බන්ධයෙන් අදහස් දැක් වූ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා අද ඖෂධ නිෂ්පාදනය සම්බන්ධයෙන් විවේචනය කළේ ය.
එමෙන්ම අද රට පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ඒ මහතා කියා සිටියේ මිලියන 07ක් දරිද්‍රතාවයෙන් පෙළෙන බවයි.
මේ අතර වතු ජනතාවගෙන් 51%ක් දරිද්‍රතාවයෙන් පෙලෙන බවත්, 47%ක් ආහාර අඩු කර ඇති බවත්, 33% ක් ආහාර වේල් අඩූ කර ඇති බවත්, 27%ක් දරුවන් සඳහා ආහාර නොගන්නා දෙමාපියන් සිටින බව ඒ මහතා කියා සිටියේ ය.
එමෙන්ම රාජ්‍ය සෞඛ්‍ය සේවයේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් ද හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ ය.
කෙසේවෙතත් එහිදී හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා කළ චෝදනා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අදහස් දැක්වූයේ මෙහෙමයි.
එම වීඩියෝව පහතින් නරඹන්න,