වස විස නැති දූරියන් සහ වරකා වලින් රස ජෑම් රෙසිපි 2ක්.

Healthy Food Recipes Sri lanka Food Recipes
By Wayomi Aug 21, 2022 11:59 AM GMT
Report

මේ දවස්වල ගෙවතු වල බහුලව දකින ලැබෙන පළතුරු වර්ග දෙකක් තමයි වරකා සහ දූරියන් කියන්නේ. මේවා හැම ගෙදරකම නැති වුණත් වස විස නැති උසස්ම ගුණයෙන් යුතු පළතුරු මේවා. කඩෙන් ගෙඩියක් අරන් ජෑම් එකක් හදාගත්තත් කාලයක් තියාගෙන කන්න පුළුවන්. හැමදාම හදන, අඹ, අන්නාසි ජෑම් වලට වඩා රසයෙනුයි, ගුණයෙනුයි හාත් පසින්ම වෙනස්.   

දූරියන් ජෑම්


අවශ්‍ය ද්‍රව්‍ය

? බ්ලෙන්ඩ් කරගත් දූරියන් කෝප්ප 1 ½

? පොල් කිරි කෝප්ප 2 ක්

? සීනි කෝප්ප 1

? ලුණු තේහැඳි ¼

සාදාගන්න ආකාරය

? පෑන් එකකට දූරියන්, කිරි, සීනි, ලුණු දාලා හොඳින් මිශ්‍ර කර ගන්න.

? මඳ ගින්දරේ දියාරු ගතිය නැති වෙන්න විනාඩි 30 පමණ උකු වෙනතුරු හැඳි ගාන්න.

? විෂබීජහරණය කළ භාජනවලට දමා ශීතකරණයේ තියන්න.  


පැණි වරකා ජෑම්


අවශ්‍ය ද්‍රව්‍ය

? ඇට ඉවත් කරලා බ්ලෙන්ඩ් කරගත් වරකා 500g

? සීනි 350g

? දෙහි යුෂ මේසහැඳි 1

සාදාගන්න ආකාරය

? පෑන් එකකට වරකා, සීනි දාලා හොඳින් මිශ්‍ර කර ගන්න.

? ලිප තියලා මද ගින්දරේ දියාරු ගතිය නැති වනතුරු හැඳිගාගන්න.

? දෙහි යුෂ මිශ්‍ර කරගන්න.

? ජෑම් විෂබීජහරණය කළ භාජනවලට දමා ශීතකරණයේ තියන්න.



ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW



GalleryGallery