දුනුමාලේ සරත් ඝාතනයේ සැකකරුවන්ට සිදුවූ දේ..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jul 21, 2023 09:41 AM GMT
Report

පොලිසිය විසින් වේරගොඩ ආරච්චිගේ සරත් වේරගොඩ හෙවත් දුනුමාල සරත් නමැති පාතාල කල්ලි සාමාජිකයාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය විසින් පෙරේදා (19) සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඊයේ රුවන්වැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුලි මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

 මට්ටක්කුලිය සමිත්පුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනයට සම්බන්ධ ජංගම දුරකථනයක්, ටී 56 පතොරමක් සහ ගමන් මලු දෙකක් මීට පෙර සොයාගෙන ඇති අතර, එම දුරකථනයේ තිබූ සිම්පත ඔස්සේ කළ විමර්ශන මත සැකකරුවන් අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි.

වැඩිදුර පරීක්ෂණ සීතාවක කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ මෙහෙයවීම මත ගලපිටමඩ පොලිසියේ සහාය ඇතිව සිදුවෙයි.