අනුප්‍රාප්තික ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ පත් කරයි.(LIVE)
ශ්‍රී ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තෝරාපත්කර ගෙන තිබෙනවා.
ඒ අද උදෑසන අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීමෙන් පසුවයි.
මේ අනුව,
රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද 134 යි
ඩලස් අලහප්පෙරුම මහතාට 82 යි.
අනුර කුමාර දිසානායක 03 යි.
මේ සඳහා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ යන මහත්වරුන් අනුප්‍රාප්තික ජනපති සටනට මුහුණදෙනු ලැබුවා.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ පාර්ලිමේන්තුව තුළින් ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම් සඳහා වන ඓතිහාසික ඡන්ද විමසීමක් ලෙසයි මෙය ඉතිහාසයට එක් වන්නේ.
මෙම ඡන්ද විමසීමේ දී පාර්ලිමේන්තුව තුළ සිටින සමස්ථ මහජන නියෝජිතයින් ප්‍රමාණය වන 225න් මහජන නියෝජිතයින් 223ක් සිය ඡන්දය භාවිත කළා.
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා ඡන්දය නොදුන් මන්ත්‍රීවරුන් වූයේ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බනම් සහ සෙල්වරාජා ගජේන්ද්‍රන් යන දෙදෙනායි.
මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා ම අද දින පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ සිටියේ නැහැ.
මේ අතර වලංගු ඡන්ද සංඛ්‍යාව 219ක් වන අතර, ප්‍රතික්ශේප වූ ඡන්ද සංඛ්‍යාව 04ක් බවයි පැවසෙන්නේ.
වැඩි විස්තර පහත වීඩියෝවෙන් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |