ඩලස් අලහප්පෙරුම ඉල්ලා අස්වෙයි ද ?..

Sri Lanka Political Gotabaya Rajapakshe Dulas alahapperuma
By Aruna Apr 03, 2022 05:51 AM GMT
Report

නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ පසුගිය බ‍්‍රහස්පතින්දා පැවති ගැටුම්කාරී තත්වය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට අමානුෂික ලෙස පහරදීම තරයේ හෙළා දකින බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරනවා.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මෙසේ කියා සිටියි.

“මහජනතාවට සාමකාමි ලෙස උද්ඝෝෂණ පැවැත්වීමට ඇති අයිතිය තහවුරු කළ යුතුය. එමෙන්ම උද්ඝෝෂකයින් ද ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරීම නොකළ යුතු අතර එසේම මහජන දේපළ විනාශ කිරීම ද නොකළ යුතුය.”

ඩලස් අලහප්පෙරුම මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් වනු ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා පල වෙමින් ඇති නමුත් ඔහුගේ ප්‍රකාශයකුගෙන් කල විමසීමකදී මෙම පුවත තහවුරු කිරීම කළ නොහැකි බව සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now