අනුරට එරෙහිව සජිත්ගේ නැගණිය නඩු මගට..! හේතුව මෙන්න..

Anura Kumara Dissanayaka Sri Lanka Sri Lankan political crisis
By Sewvandhi Feb 24, 2023 12:18 PM GMT
Report

 සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සොහොයුරිය වන දුලාංජලී ජයකොඩි විසින් තමාට අපහාස වන අන්දමේ ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කර තිබෙනවා.

එනම් , 2017 වසරේ සිදු වූවා යැයි කියන මූල්‍ය ගනදෙනුවකට අදාළව අනුර දිසානායක මන්ත්‍රීවරයා විසින් සිදුකළ ප්‍රකාශවලට අදාලවයි.

විපක්ෂ නායකවරයාගේ නැගණිය නීතිඥයෙකු මාර්ගයෙන් එන්තර වාසියක් නිකුත් කරමින් පවසන්නේ මන්ත්‍රීවරයා විසින් ප්‍රසිද්ධ වේදිකාවේ දී කරන ලද චෝදනාව සම්බන්ධයෙන් තමන් මන්ත්‍රීවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම් බවයි.

ව්‍යාපාරික ගනුදෙනුවකට අදාලව මුදල් ගෙවීමක් සිදු කිරීමේ දී ඒ සඳහා ව්‍යාජ ලෙස මුද්‍රණය කළ මුදල් දුලාංජලී ජයකොඩි වෙත භාරදීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු 2017 මැයි මාසයේ දී මහාධිකරණයේ දී වරද පිළිගෙන තිබුණ බවත් ඒ සඳහා විපක්ෂ නායකවරයාගේ නැගණිය වන දුලාංජලී ජයකොඩිට රුපියල් මිලියන 2ක වන්දියක් ලැබුණ බවත් ඇයගේ නීතිඥයා විසින් අදාල එන්තරවාසියේ සඳහන් කරනවා.

මේ අතර අදාල එන්තර වාසිය මගින් ඇයගේ නීතිඥයා අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට චෝදනා කරන්නේ, එම සිද්ධියට අදාළව අසත්‍ය තොරතුරු සහ අපහාසාත්මක ප්‍රකාශ සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ ප්‍රචාරය කරමින් ජනතා මතය හසුරුවන බවයි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%