අන්තර්ජාලය හරහා මල් කැකුළක් විකිණීමට තැත් කළ ශ්‍රී ලාංකික කාන්තාවකට නොසිතු මොහොතක අත් වූ ඉරණම..
අන්තර්ජාලය හරහා බිළිඳෙකු ඩිරාම් 12,000කට අලෙවි කිරීමට තැත් කළ ශ්‍රී ලාංකික කාන්තාවක් සහ තවත් දෙදෙනෙකු ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන ඇති බව කලීජ් ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි.
35 හැවිරිදි ඉන්දුනීසියානු කාන්තාවක විසින් මුදල් අවශ්‍යතාවක් මත තම අලුත උපන් බිළිඳාව මෙලෙස විකිණීමට උත්සාහ දරා ඇත.
ඒ සඳහා ඇයට ගැණුම්කරුවෙකු සොයා ගැනීමට තැත් කළ සහාය සැපයූ 45 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක් ඇතුළු කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මාස 2ක් වයසැති අදාල බිළිඳා විකිණීම සඳහා පසුගිය පෙබරවාරි මාසයේ දී අන්තර්ජාලය ඔස්සේ පළකර තිබූ දැන්වීමක් මත ඩුබායි පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබු අතර එම දැන්වීම පළ කර ඇත්තේ ශ්‍රී ලාංකික කාන්තාව බව එම පරීක්ෂණ ඔස්සේ අනාවරණය වී ඇත.
ඒ අනුව ඩුබායි අධිකරණයේ පැවති නඩු විභාගයේ දී සැකකරුවන් තිදෙනා මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් වැරදිකරුවන් ලෙස හඳුනා ගෙන ඇත.
එක් සැකකරුවෙකුට වසර තුනක සිරදඬුවමක් සහ ඩිරාම් 4000ක දඩයක් නියම කිරීමට ඩුබායි අධිකරණය තීරණය කළේ ය.