ලෝකේ දෙවැනියට ලොකුම සාප්පු සංකීර්ණයට ලංකාවෙ අපිත් දායක වුණේ කොහොමද? ඒ ගැන ඔබ නොදත් කරුණු...

Dubai
By Sithumini Jul 12, 2024 09:39 AM GMT
Sithumini

Sithumini

in ලෝකය
Report


ලෝකේ ලොකුම සාප්පු සංකීර්ණය පිහිටා තිබෙන්නේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඒ අතරින්ත් එහි ප්‍රධානම වාණිජ නගරය වන ඩුබායිහි.

ඒ තමහි ඩුබායි මෝල් එක. මේ ඩුබායි මෝල් එක මෙය වර්ග අඩි මිලියන 12ක් වැඩි භූමි ප්‍රදේශයක පිහිටලා තියෙනවා. මෙම ඩුබායි මෝල් එක ජිනෙස් වාර්තා කිහිපයකටම හිමිකම් කියනවා.

ලෝකෙ ලොකුම ඕලෙඩ් තිරය තිබෙන්නෙත් මේ ඩුබායි මෝල් එක සතුවයි. අධික උණුසුම සහිත කාන්තාරයක් මැද පවත්වාගෙන යන මේ ඩුබායි මෝල්හි මැද අයිස් ක්‍රීඩා පිටියක් පවත්වාගෙන යන්නට තරම් ඔවුන් සමත්වෙලා තිබෙනවා.

මෙහි චිත්‍රපට තිර පහක විශාල සිනමා ශාලාවකින්ද සමන්විත වෙනවා. ලෝකය පුරා ප්‍රදර්ශනය වන චිත්‍රපට 100කට අදික ප්‍රමාණයක් මෙමගින් දිනකට නැරඹිය හැකියි.

මෙය සාප්පු 1300කින් සමන්විතයි. මෙහි ඇතැම් සාප්පු රටේ කිසිම තැනක නොතිබීමත් සුවිශේෂියි. ඒ ඔස්සේ සාප්පු සංකීර්ණය වෙත සංචාරකයන් ගෙන්වා ගැනීම අරමුණු කර ගන්නවා.