ඔයත් ගේ ඇතුළේ රෙදි වේළන කෙනෙක් ද?. එහෙනම් මෙන්න මේ දේ ගැනත් දැනගෙනම ඉන්න වෙයි.. පරිස්සමින්..

Latest Headlines Decision Making
By krishani Jul 20, 2024 04:05 PM GMT
Report

මෙන්න මේ දේ ගැන ඔයා මෙච්චර කාලෙකට දැනගෙන හිටිය ද?.

ඔයත් ගේ ඇතුළේ රෙදි වේළන කෙනෙක් ද?. එහෙනම් මෙන්න මේ දේ ගැනත් දැනගෙනම ඉන්න වෙයි.. පරිස්සමින්.. | Drying Clothes At Home

ඔයා වේලාවක් නොමැතිව සහ කාර්යබහුලත්වය නිසා හෝ හදිසියට, නිවස තුල දී ම රෙදි වියළීම කරනවා විය හැකිය.

නමුත් මෙය දිගින් දිගටම සිදු කිරීම අහිතකර තත්ත්වයක්.

ඒ අනුව රෙදි වියළීම මගින් සිදුවන වාෂ්පීකරණයෙන් ඇතිවන අහිතකර තත්ත්වය නිසා විවිධ රෝග කාරක තත්ත්වයන් ඇති විය හැකිය.

එනම්, නිවස තුල දී රෙදි වියළීම මගින් ජලය ලීටර් දෙකකට ආසන්න ප්‍රමාණයක් නිවස තුල වාෂ්පීකරණය වේ.

එමගින්, ඇතිවන තෙත් ගතිය නිසා ඇති වන පුස් සහ ක්ෂුද්‍ර ජීවීන් හේතුවෙන් ප්‍රතිශක්තීකරන පද්ධතිය ආසාදනය විය හැකිය.

මෙය මගින් ඇඳුම රෝගීන්ට සෑම විටම කැස්ස ඇති විය හැකි අතර නැත්නම් හුස්ම ගැනීමේ අපහසුව ඇති විය හැකිය.

තවද, දරුණු පෙණහළු ආබාධ පවා ඇති විය හැකිය.

මෙම හේතුන් නිසා ඔබත් නිවස තුල ඇදුම් වියළීමෙන් වළකින්න.

එනම්, සෑම විටම උදේ කාලයේ හෝ දහවල් කාලයේ ස්වාභාවික හිරු එළිය යටතේ රෙදි වියළීම සිදු කරන්න.

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකී.