මේ දින වල ඖෂධ ගන්නෙ බලාගෙනයි..නගර වල කරන අමුතු ජාවාරම මෙන්න...
බලපත්‍ර නො මැති ව ඖෂධ ගබඩා කර අලෙවි කළ පුද්ගලයෙකු අම්බලන්තොට නගරයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය අම්බලන්තොට නගරයේ ඊයේ සිදු කළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු 57 හැවිරිදි එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක්.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු අලෙවි කරමින් සිටි ඖෂධ, පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන තිබෙනවා.
මේ අතර ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස ගල්කිස්ස රත්මලාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගනිකා මධ්‍යස්ථානයක් වටලා කළමනාකාරිනිය සහ තවත් කාන්තාවන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
රුපියල් 3000 සහ 5000 අතර මිලකට මෙම කාන්තාවන් අලෙවි කර ඇතැයි පොලිසිය කියය.
අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 25 සහ 41 ක පසුවන්නන් අතර ඔවුන් පානදුර වක්වැල්ල මොරටුව මඩොල්සියම හා හම්බන්තොට ප්‍රදේශවල පදිංචි කාරියන්ය.
සැකකාර කාන්තාවන් ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |