රටම බය කළ ඖෂධ තත්ත්ව පරීක්ෂාවෙන් හෙළිවූ දේ - ඖෂධ වල බැක්ටීරියා..!
Sri Lanka
Ministry of Health Sri Lanka
By Sewvandhi
සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, ඉන්දියාවෙන් ආනයනය කළ ඖෂධ 600කින් ලියාපදිංචි කළ ඖෂධ 02ක තත්ත්ත්ව පරීක්ෂාව අසමත් වී ඇති බවයි.
අද (19) මාධ්‍ය හමුවකදී එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ, කොළඹ අක්ෂි රෝහලේදී ප්‍රශ්නගත වූ ඖෂධයේ බැක්ටීරියා අන්තර්ගත වී ඇති බවට තහවුරු වී ඇති බවය.
සෞඛ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම්, වෛද්‍ය සමන් රත්නායක මහතා,
"තත්ත්ව පරීක්ෂාව අසමත්වූ ඖෂධ අපේ සමහර ගබඩාවල අවුරුදු ගණන් ඉඳන් තිබෙනවා. මේක අමුතු දෙයක් නෙමෙයි. ඇස් රෝහලේ සංකූලතාවය විතරයි අපි හරියටම හඳුනාගෙන තියෙන්නේ. ඒ බෙහෙතේ බැක්ටීරියා තිබුණා කියන එක. ඒ සම්බන්ධයෙන් අපි දැන් ඉදිරි කටයුතු කරනවා. අනෙක් බෙහෙත් සියල්ලම අපි තාවකාලිකව තමයි නතර කරලා තියෙන්නේ. ඒ පරීක්ෂණ නිමාවෙන තුරු."
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%