ඖෂධ ආසාත්මිකතා කමිටු වාර්තාවෙන් රෝගී මරණ ගැන විශේෂ පැහැදිලි කිරීමක්..

Sri Lanka Ministry of Health Sri Lanka
By Sewvandhi Aug 10, 2023 12:56 PM GMT
Report

අද (10) ඖෂධ ආසාත්මිකතා හේතුවෙන් වාර්තාවූ සිද්ධීන් ගැන සෙවීමට පත්කළ කමිටුවේ සාමාජික මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා එම කමිටු වාර්තාව පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකළේය.

සෞඛ්‍ය විශේෂඥ කමිටුවේ අවධානයට ලක්වූ ඖෂධ ආසාත්මිකතා සම්බන්ධ සිදුවීම් අතරින් රෝගී මරණ 02ක් එම ආසාත්මිකතා හේතුවෙන් සිදුවී ඇති බවයි එහිදී ඔහු පැවසුවේ.

අද සෞඛ්‍ය අමාත්‍යංශයේදී සෞඛ්‍ය ගැටලු පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා  පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා මේ බව පැවසීය.