ආබාධිත පුද්ගලයන්ටත් රියදුරු බලපත්‍ර - ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Lasantha Alagiyawanna Sri Lanka Driving Licence
By Sewvandhi Jul 19, 2023 06:28 PM GMT
Report

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසන්නේ,ආබාධිත පුද්ගලයින් සඳහා නිකුත් කරන රියදුරු බලපත්‍ර ලබාදීම නතර කර ඇත්තේ තාවකාලිකව බවයි.

අද(19) පාර්ලිමේන්තුවේ දී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

පසුගියදා පැවති පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේදී මේ සම්බන්ධයෙන් තීරණයකට එළඹි බවයි, එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

රජය සෑම විටම ආබාධිත පුද්ගලයින්ට ඉහළම ප්‍රමුඛතාවය ලබා දෙන බව ද ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නා.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, බිහිරි පුද්ගලයින් සඳහා රියදුරු බලපත් ලබා දීම වසර 40 පුරා පැවති ප්‍රශ්නයක් බවයි.

මේ සඳහා සාකච්ඡා වට රාශියක් පවත්වමින්, ගම්පහ දිස්ත්‍රික්කයේ නියාමක වැඩසටහනක් ආරම්භ කළ බවත් ඒ අනුව එම වැඩසටහන සාර්ථක වුවහොත් ජනවාරි 01 දා සිට බිහිරි පුද්ගලයින් සඳහා රියදුරු බලපත්‍ර ලබා දිය හැකි බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.