රියදුරු බලපත්‍ර නිකුත් කිරිම එකවරම අත්හිටුවයි - ඔයත් මේ ප්‍රදේශයේ නම් මේ දේ කරන්න..

Sri Lanka Driving Licence
By krishani Oct 16, 2023 04:31 AM GMT
Report

අද (16) සහ හෙට (17) යන දෙදින සඳහා අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

ඒ එම කාර්යාලයේ සිදුකරනු ලබන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් ය.

ඒ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ අනුව අද සහ හෙට එම කාර්යාලයෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවනු ඇත.

කෙසේ වෙතත්, එදින සේවාවන් ලබා ගැනීමට වේලාවන් වෙන් කරගත් සේවාලාභීන් සඳහා ඔවුන් කැමති වෙනත් දිනයක සේවාවන් ලබා ගත හැකි ය.