උදේට කිරි වෙනුවට බොන්න පුළුවන් දේවල්.
මේ දවස්වල අහස උසට කිරිපිටි මිල ඉහළ ගිහින්. අඩුම තරමේ ඉස්සර වගේ ස්භාවික එළ කිරි ටිකක්වත් හොයාගන්න නැති තරම්. උදේට කිරි බීලා පුරුදු වෙච්ච කෙනෙක්ට නම් මේක ලොකු වෙනසක්. හැබැයි ඉතින් ඒ කිරි වෙනුවට උදේට බොන්න පුළුවන් සෞඛ්‍ය සම්පන්න කිරි වර්ග, එහෙමත් නැත්නම් පාන වර්ග කිහිපයක් හදාගන්න විදිහයි මේ කියන්න යන්නේ.
1. සහල් කිරි
අවශ්‍ය ද්‍රව්‍ය
- හාල් කෝප්ප 1
- වතුර
- ලුණු ස්වල්පයක්
- සීනි
ස්වල්පයක් සාදාගන්න ආකාරය
- හාල් ටික සෝදලා වතුර දාලා ලිපේ තියන්න.
- දැන් මේ බත් ටික මැනලා බ්ලෙන්ඩර් එකට දාලා වතුර කෝප්ප 1 1/4ක් වගේ දාගන්න.
- රස අනුව ලුණු දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
- පසුව පිරිසුදු රෙදි කෑල්ලකට පෙරලා රස අනුව සීනි දාලා බොන්න.
2. මුංඇට කිරි
අවශ්‍ය ද්‍රව්‍ය
- මුංඇට කෝප්ප 1/4
- සුදුළූණු බික් 3
- පොල්කිරි කෝප්ප 1
- ලුණු ස්වල්පයක්
සාදාගන්න ආකාරය
- මුංඇට ටික රැයක් පෙඟෙන්න තියන්න.
- ඊළඟට මේක වතුර දාලා තම්බගන්න.
- සුදුළූණු ටිකත් දාගන්න.
- මුං ඇට හොඳට තැම්බුනාම වතුර අයින් කරලා වෙනම භාජනයකට දාගන්න.
- දැන් මුංඇට ටික නැවත ලිපේ තියලා පොල්කිරි එකතු කරන්න.
- රස අනුව ලුණු දාලා නටවගන්න.
- ලිපෙන් බාලා නිවෙන්න තියන්න.
- නිවුනට පස්සෙ හොඳට බ්ලෙන්ඩ් කරලා බොන්න පුළුවන්.
3. සෝයා කිරි
අවශ්‍ය ද්‍රව්‍ය
- සෝයා ඇට කෝප්ප 1
- වතුර කෝප්ප 3 1/2
සාදාගන්න ආකාරය
- සෝයා ඇට පැය 8ක් පෙඟෙන්න දාගන්න.
- ඊළඟට මේක අතින් පොඩි කරමින් පොතු අයින් කරන්න.
- පසුව මේක බ්ලෙන්ඩර් එකට දාලා වතුර කෝප්ප 1ක් එක්ක හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
- දැන් භාජනයකට දාලා ඉතුරු වතුර ටිකත් දාලා ලිපේ තියලා හැඳිගාන්න.
- උතුරනකොට උඩට මතු වන කොටස් හැන්දකින් අයින් කරගන්න.
- පසුව ලිපෙන් බාලා නිවෙන්න තියලා පිරිසිදු කපු රෙදි කෑල්ලකින් පෙරාගන්න.
- හොඳටම නිවුනම බෝතල් වලට දාලා ෆ්‍රිජ් එකේ දාන්න.
- අවශ්‍ය වෙලාවට අරන් සීනි දාලා බොන්න.
මේ දේවල් වලට අමතරව කොළ කැඳ එකක්, රණවරා, බෙලිමල් වගේ පාන වරත් හකුරු උදේම බොන්න පුළුවන් නම් ඔබේ නිරෝගී බව සහ beauty එකත් හොඳින් රැකගන්න පුළුවන්. |