ඕනවට වඩා වතුර බිව්වොත් සිරුරට වෙන දේ මෙන්න.
පොඩි කාලේ ඉඳන්ම අපි දේවල් ඉගෙන ගන්නවා හොඳ පුරුදු සහ නරක පුරුදු කියන දෙකම. අපි ඒ විදිහට ඉගෙන ගන්නේ කෙනෙක් කියපු දෙයක්. එහෙමත් නැත්නම් කාලයක් පුරාවට සමාජයේ පවතින දේවල්.
💧 ඉස්සර ඉඳන්ම පැවත එන මතයක් තියෙනවා වැඩිපුර වතුර බොන එක නිරෝගී බව රැකගන්න ගොඩක් හොඳයි කියලා. සාමාන්‍යයෙන් කියන්නේ හොඳ සෞඛ්‍ය තත්වයක් පවත්වාගන්න අඩුම තරමේ දිනකට වතුර වීදුරු 8ක් වත් බොන්න ඕනලු.
💧 ඇත්තටම ඒ කතාව හරි. සිරුර විජලනය වීමෙන් වළක්වාගන්න හොඳින් ජලය පානය කළ යුතුයි. අධික උණුසුම් ප්‍රදේශයක දි හෝ ව්‍යායාම කිරීමෙන් පසු ඔබට දැඩි පිපාසයක් ඇති වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවල ඔබ අසල වතුර බෝතලයක් තබාගැනීම ඉතාමත් වැදගත්.
💧 නමුත්, ඔබ ජලයට අමතරව පානය කරන විවිධ බීම වර්ග, යුෂ වර්ග, තේ, කෝපි ආදී පාන වර්ග ලබාගන්නවා. ඒ අනුව දිනකට ඔබ පානය කරන ජලය අධි ප්‍රමාණයක් විය හැකියි. දිනකට පානය කළ යුතු ජලය ප්‍රමාණය වීදුරු 8 ක් ද නැතිනම් ඊට වඩා අඩු හෝ වැඩි ද යන්න තීරණය වන්නේ, පුද්ගලයාගෙන් පුද්ගලයාට ඇති ශාරිරීක වෙනස්කම් අනුවයි.
ඔබ දන්නවද?
👣අධික ලෙස ජලය පානය කිරීමෙන් වකුගඩු වලට සිරුරේ අතිරික්ත ජලය බැහැර කිරීමට නොහැකි වීම නිසා වකුගඩු වලට හානි වෙන්න පුළුවන්.
👣 ඊට අමතරව අධික ලෙස ජලය පානය කිරීමෙන් මොළයේ සෛල ඉදිමීමට පටන් ගන්නවා. මෙය හිස් කබල මත පීඩනය වැඩි කරන අතර ඔක්කාරය හා වමනය ඇති වෙනවා.
👣 එම සංකූලතා වලට අමතරව ශරීරයට ජලය වැඩි වීමෙන් ද්විත්ව පෙනීම, හුස්ම ගැනීමේ අපහසුතාව, රුධිර පීඩනය වැඩි වීම සහ නිදිබර ගතිය වැනි රෝග ලක්ෂණ පෙනුම් කරනවා.
👣 එමෙන්ම නිරෝගී රුධිරය, මාංශ පේශි ක්‍රියාකාරිත්වය සහ හෘද ස්පන්දන වේගය පවත්වා ගැනීම සඳහා සිරුරට ඉලෙක්ට්‍රෝටයිට් අවශ්‍යයි. නමුත් අධික ලෙස ජලය පානය කිරීමෙන් සිරුරේ ඇති ඉලෙක්ට්‍රෝටයිට් ප්‍රමාණය අඩු වීමක් සිදු වෙනවා. එවිට මාංශ පේශි කැක්කුම ඇතිවිය හැකියාව ද පවතිනවා.
👣 ඔබේ සිරුරට අවශ්‍ය ජලය ප්‍රමාණය ගැන ඔබට දැනෙනවා. ඒ නිසා කවුරුත් කිව්ව පලියට අධික ලෙස පානය කිරීම අඩු කරන්න. ඔබේ සිරුරට අවශ්‍ය ප්‍රමාණය පමණක් ඒ කියන්නේ ගොඩක් වතුර තිබ්බහ වෙනකන් ඉන්නෙත් නැතිව ඔබට තිබහ හැදීගෙන එනවිට බොන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |