අවුකන බුද්ධ ප්‍රතිමාවට වස්ත්‍රයක් පැලඳ වූ අයට වැඩ වරදියි. (PHOTOS)
මේ දින වල අනුරාධපුරය අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍රයක් පැලඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක ප්‍රකාශ කරනවා.
අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍රයක් පැළඳවීමට පිරිසක් කටයුතු කරන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් මේ දින වල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර ඇතැම් පුද්ගලයින් ප්‍රතිමා වහන්සේ මතට නැඟී එම වස්ත්‍රය පළඳවන ආකාරය ද එහි දක්නට ලැබෙනවා.
එලෙස පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ප්‍රතිමාවක පවතින ස්වභාවය වෙනස් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
ඒ අනුව අනුරාධපුර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරයා සහ කලාප නිලධාරීවරයා සිද්ධිය පිළිබඳ තොරතුරු රැස්කිරීමට පුදබිම වෙත පිටත්කර යවා ඇති බවත්, පුරාවිද්‍යා ආඥා පනතට අනුව පුරාවිද්‍යා ස්මාරකයක හෝ ප්‍රතිමාවක පවතින ස්වභාවය වෙනස් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
පුරාවිද්‍යා ආඥා පනතට අනුව පුරාවිද්‍යා ස්මාරකයක හෝ ප්‍රතිමාවක පවතින ස්වභාවය වෙනස් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් ද පවතියි.
අවුකන බුද්ධප්‍රතිමාව විශේෂත්වය.
මෙය අනුරාධපුර යුගයේ ඉදිකෙරුණු සුවිශේෂි හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්..
ඉතිහාසයේ දැක්වෙන පරිදි ක්‍රිස්තු වර්ෂ 5 වැනි සියවසේ ධාතුසේන රජතුමන් මෙම ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරවා ඇති අතර ප්‍රතිමාවේ සිවුරේ රැලි ඉතා පැහැදිලිව දිස් වන අයුරින් ඉතා සියුම්ව විශිෂ්ට ලෙස කැටයම් කර තිබීමත් එහි සමබරතාවත් හේතුවෙන් එය සැලකෙන්නේ මෙරට අතීත කලාශිල්පයේ අද්විතී යබව පෙන්නුම් කෙරෙන කළා නිර්මාණයක් ලෙසයි.