කව්රුත් පුදුම කරමින් හදිසියේම පාර්ලිමේන්තුවට ආ කෙනා - කතානායකට සන්දේශයකුත් බාරදෙයි..(PHOTOS)

Parliament of Sri Lanka Mahinda Yapa Abeywardena Sri Lanka Sri Lankan political crisis
By Sithumi May 24, 2022 10:57 AM GMT
Report

දේශීය වෙදකම සහ සොබාදහම සුරැකීමේ සංවිධානයේ නියෝජිතයෝ පිරිසක් පාර්ලිමේන්තුවට පිවිසෙන ජයන්තිපුර ප්‍රධාන ගේට්ටුව අසලට පැමිණ රට ගොඩනැගීම සඳහාවූ යෝජනා ඇතුළත් සංදේශයක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද (24) පෙරවරුවේ බාර දුන්හ. 

 සංගමයේ සභාපති වෛද්‍යාචාර්ය එස්.පී අධිකාරිගේ මහතා සංදේශය බාරදීම සඳහා හෙළ වෙදකමට ප්‍රසිද්ධව සිටි බුද්ධදාස රජතුමා සේ ඇඳුම් ආයිත්තම්වලින් සැරසී පැමිණ සිටීම විශේෂත්වයකි.

මේ සංදේශය කතානායකවරයා වෙනුවෙන් පාර්ලිමේන්තු නිලධාරියෙක් පැමිණ බාරගත්තේය. පාලකයින් හා ජනතාව ධාර්මිකවීම, ස්වයංපෝෂිත ගෙවතු වගා ඇති කිරීම ,ගොවිතැන හා දේශීය වෙදකම නගා සිටුවීම, ඖෂධ වගාව සහ දේශීය වෙදකම පාසල් විෂයයක් බවට පත් කිරීම,පිටිකිරි වෙනුවට කැඳ කෝප්පය හඳුන්වාදීම, විදේශයන්හි සේවය කරන අයගේ වැටුප් කොන්දේසි මත මෙරටට එවන්නැයි ආරාධනා කිරීම , රට ගැන සිතා පරිත්‍යාගශීලී සැමගේ සහාය ලබා ගැනීම, ප්‍රචණ්ඩ ක්‍රියා සහ හොර මැරකම් නැවැත්වීම, සියලු දේශපාලඥයන්, ධනපති ව්‍යාපාරිකයන් සියලු දෙනාම තමන් සතු සියලු ස්වර්ණාභරණ යම් කාල සීමාවක් සඳහා කිසියම් කොන්දේසි මත රජයට බාරදීම,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද අඩු කිරීම , මන්ත්‍රී දීමනා ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කිරීම සහ අධික ලෙස ණය වීම හා විදේශ යැපුම් මානසිකත්වයෙන් ක්‍රමානුකූලව ඉවත්වීම ඇතුළු යෝජනා රැසක් එම පිරිස කතානායකවරයාට මෙසේ බාර දුන් සන්දේශයට ඇතුළත් විය. 

 මේ නියෝජිත පිරිසේ පැමිණීම නිසා ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ යම් කලබලකාරී තත්වයක්ද අද පෙරවරුවේ ඇතිවිය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGallery