වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණියට විදේශගත වීමට අවසර

Law and Order Latest Headlines Sinhala news Puwath.lk Dr Maheshi Wijeratne
By Shehan Aug 07, 2025 11:58 AM GMT
Report

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මේ විට ඇප මත මුදාහැර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහල් විශේෂඥ වෛද්‍ය මහේශී විජේරත්න මහත්මියගේ දියණිය වන හේමාලි විජේරත්න නමැත්තියට අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබා දුන්නා.

විදේශ ගත වී යලි දිවයිනට පැමිණීමෙන් පසුව අල්ලස් කොමිසමට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරිය විසින් සැකකාරියට නියම කළා.

තම සේවාදායිකාව මේ මස 13 වනදා අධ්‍යාපන කටයුතු සඳහා විදේශගතවීමට නියමිතව තිබෙන හෙයින් ඇයට විදේශගත වීමට අවස්ථාව ලබා දෙන ලෙස ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

එම ඉල්ලීමට අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටින නිලධාරින් විරෝධය පළ කළේ නෑ. කෙසේ වෙතත් ඇය විදේශගතව පැමිණීමෙන් පසුව ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය බවත් එම නිලධාරීන් දැනුම් දුන්නා.

එම ඉල්ලීමට අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටින නිලධාරින් විරෝධය පළ කළේ නෑ. කෙසේ වෙතත් ඇය විදේශගතව පැමිණීමෙන් පසුව ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය බවත් එම නිලධාරීන් දැනුම් දුන්නා.

ඒ අනුව අදළ සැකකාරියට විදේශගත වීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරිය මේ මස 27 වැනිදා කැඳවීමට තිබූ අදාළ නඩුව දෙසැම්බර් මස 09 වනදා දක්වා කල් තැබීමටද නියම කළා. එදින සැකකාරියට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කරනවාද? නැත්ද,? යන්න අධිකරණයට දැනුම් දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරිය විසින් අල්ලස් කොමිසමට නියම කළා.

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටීමට සූදානම් බව ඇය පසුගියදා සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී තිබුණා.