US AID වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 65ක ආධාර..
Sri Lanka Economic Crisis
Sri Lanka
Sri Lanka Food Crisis
By Sithumi
අමෙරිකා එක්සත් ජනපදය USAID සංවිධානය හරහා ශ්‍රී ලංකාවට වසර 5ක කාලයක් පුරා අතිරේක ඇස්තමේන්තුගත ඩොලර් මිලියන 65ක (ශ්‍රී ලංකා රුපියල් බිලියන 23කට අධික) ආධාර ලබාදෙන බව නිවේදනය කරයි.
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ USAID දූත මණ්ඩල අධ්‍යක්ෂ ග්‍රේබියෙල් ග්‍රෝ මහතා සහ මෙරට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් අත්සන් කරන ලද සංවර්ධන අරමුණු සහාය ගිවිසුම (DOAG) යටතේ මෙම ආධාර පිරිනමනු ලැබේ.
මෙම ආරාධය පසුගිය සතියේ ප්‍රකාශයට පත්කළ අමෙරිකානු ඩොලර් මිලියන 60කට අධික නව මානුෂීය සහ පොහොර ආධාරවලට අමතරව සපයා දෙන බවද මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
