ඇමෙරිකාවේ හිටපු ජනාපධිති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිදු වූ දේ..

Donald Trump United States of America World
By Aruna Aug 04, 2023 12:48 AM GMT
Report

ඇමෙරිකාවේ හිටපු ජනාපධිති ඩොනල්ඩ් ට්‍රම්ප්, වොෂින්ටන් අගනුවර අපරාධ අධිකරණය හමුවේ පෙනී සිටියා.

2020 වසරේ පැවැත්වුණු ජනාපධිතිවරණයේ ප්‍රතිඵල පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින්, ආධාරකරුවන් උසි ගන්වා, කොංග්‍රස් මණ්ඩලයේ කටයුතුවලට බාධා කිරීම සහ වොෂින්ටන් කැපිටල් ගොඩනැගිල්ලට (ඇමෙරිකන් පාර්ලිමේන්තුව) පහරදීමට සැලැස්වීම සම්බන්ධයෙන් චෝදනා 4 ක් ට්‍රම්ප්ට එල්ල වී තිබේ.

ට්‍රම්ප්, වත්මන් ඇමෙරිකන් ජනාධිපති ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන්ට පරාජය වූයේ 2020 ජනාධිපතිවරණයෙනි.

එම ජනාධිතිවරණයේ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරමින්, ට්‍රම්ප්ගේ උසි ගැන්වීමෙන් ඔහුගේ ආධාරකරුවන් කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදුණේ 2021 ජනවාරි 6 වැනිදාය.

වොෂින්ටන් අගනුවර බැරට් පෙටි්‍රමෑන් අධිකරණය හමුවේ පෙනී සිටි ට්‍රම්ප්ට චෝදනා 4 ඉදිරිපත් කෙරුණු අතර, එම චෝදනාවලට තමන් වරදකරු නොවන බව ඔහු විනිසුරු මොක්සිලා උපදායා හමුවේ පැවැසීය.

ට්‍රම්ප් නීතීඥවරුන් පිරිවරා ගනිමින්, සිය පෞද්ගලික ගුවන් යානයෙන්, නිව් ජර්සි නුවර නිවසේ සිට වොෂින්ටනයේ ඊ බැරට් පෙට්‍රිමැන් අධිකරණයට පැමිණ තිබුණි.

අධිකරණ ගොඩනැගිල්ල ආශ්‍රිතව ආරක්ෂාව තර කිරීමට පොලිසිය පියවර ගෙන තිබුණි.

ට්‍රම්ප් යළි අගෝස්තු 28 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බව ද පැවැසෙයි.