ඩොලරයේ මිල අදත් නොවෙනස්ව - බැංකු මඟින් නිකුත් කළ අලුත්ම මිල ගණන්

Dollar to Sri Lankan Rupee Sri Lankan rupee Dollars Latest Headlines Sinhala news
By R.rishma Sep 04, 2026 06:24 AM GMT
Report

 ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු කිහිපයක ඇමරිකානු ඩොලරයේ මිල අද (04) දිනයේදී සුළු වෙනස්කම් සහිතව ස්ථාවර මට්ටමක පවතී.

සෙලාන් බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 324.00ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 333.25ක් ලෙසත් නොවෙනස්ව පවතී.

NDB බැංකුවේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.60 සිට රුපියල් 323.65 දක්වාත්, විකුණුම් මිල රුපියල් 332.60 සිට රුපියල් 332.65 දක්වාත් සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ. 

මහජන බැංකුවේ ගැනුම් මිල රුපියල් 324.20ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 332.24ක් ලෙසත් නොවෙනස්ව පවතී.

කොමර්ෂල් බැංකුවේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 322.35ක් වන අතර, විකුණුම් මිල රුපියල් 332.25ක් ලෙස පවතී.

සම්පත් බැංකුවේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 324.50ක් වන අතර, විකුණුම් මිල රුපියල් 332.50ක් ලෙස නොවෙනස්ව පවතින බව වාර්තා වේ.

ඒ අනුව, අද දිනයේදී බැංකු කිහිපයකම ඇමරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය රුපියල් 332ට ආසන්න මට්ටමක ස්ථාවරව පවතී.