පහළ ගිය ඩොලරය යළි එකවරම ඉහළ යයි..මහ බැංකුවෙන් දැනුම්දීමක්..
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (06) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 300.00ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 315.10ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ (05) දිනයේ මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 298.89ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 313.66ක් ලෙස සටහන් වුණා.
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ.
මහජන බැංකුව - රු. 300.23 - රු. 317.99
සම්පත් බැංකුව - රු. 300.00 - රු. 315.00
කොමර්ෂල් බැංකුවේ - රු. 297.68 - රු. 315.00
හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 299.50 - රු. 314.50
සෙලාන් බැංකුව - රු. 298.50 - රු. 313.50
ඩී.එෆ්.සී.සී. (DFCC) - රු.298.00 - රු. 318.00
එන්.ඩී.බී. (NDB) - රු. 298.00 - රු. 313.00
අමානා බැංකුව - රු. 303.00 - රු.313.00
ලංකා බැංකුව - රු.301.00 - රු. 315.42