අද ඩොලරය 200 ගානකට බසී..මහ බැංකුවෙන් සතුටුදායක දැනුම්දීමක්..
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත අනුව අමෙරිකානූ ඩොලරයේ ගැනුම් මිල දිගු කලකට පසු රුපියල් 300ට වඩා අඩුවී තිබෙනවා.
ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල සඳහන් වන්නේ රුපියල් 299.21ක් ලෙසටය.
එසේම ඩොලරයේ විකිණුම් මිල සඳහන් වන්නේ රුපියල් 312.37ක් ලෙසටය.
වාණිජ බැංකු කිහිපයකම දෛනික විනිමය අනුපාතික පහත දැක්වේ.
කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 296.92 ක් වන අතර විකුණුම් මිල රු. 310.
සම්පත් බැංකුව විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 300 ක් වන අතර විකුණුම් මිල රු. 312.
මේ අනුව මහ බැංකුව විනිමය අනුපාතික සටහනට අනුව 2022 අප්‍රේල් 04 දිනෙන් පසු එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති අඩුම විකුණුම් මිල මෙය වනවා.
2022 අප්‍රේල් 06 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී තිබෙන අඩුම ගැනුම් මිල ද මෙය වීමද විශේෂත්වයක්.
වැඩි විස්තර පහත වාර්තාවන්ගෙන් දැන ගන්න,
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |