රුපියල ශක්තිමත් වූ හේතුව මෙන්න..

Dollar to Sri Lankan Rupee Sri Lankan rupee Sri Lanka
By Sewvandhi Mar 08, 2023 03:22 PM GMT
Report

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කලේ, රුපියල ශක්තිමත් වූයේ ගෙවුණු කාලය තුළ රජය ගත් සුවිශේෂී ක්‍රියාමාර්ග හේතුවෙන් බවයි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ජනවාරි මාසය තුළ පමණක් විදේශ ප්‍රේෂණ ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 437ක් මෙරටට ලැබී ඇති බවයි.

පසුගිය කාලයේ සිදුවූ සංචාරක කර්මාන්තයේ වර්ධනය ද රුපියල ශක්තිමත් වීමට හේතුවක් වූ බවද ඔහු සඳහන් කළා. එමෙන්ම, ජනවාරි මාසයේ සිට පෙබරවාරි මාසය වනවිට මෙරට නිල සංචිත ප්‍රමාණය සියයට 4යි දශම 5කින් ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කියා සිටියේ ණය අර්බුදයෙන් මිදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීම විසඳුමක් නොවන බවයි. 

 මේ අතර, “ශ්‍රී ලංකා මහ බැංකුව පනත් කෙටුම්පත” සම්මත වුවහොත් එහි පාලනය රජයෙන් ගිලිහී යනු ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළා.

රුපියල ශක්තිමත් වී ඇත්නම්, පනවා ඇති ආනයන සීමා ඉවත් කරන ලෙස ලංකා ජාතික ඉදිකිරිම් සංගමය අද ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now