රුපියල යලිත් පහළ වැටේ - රත්‍රං මිල නැවතත් ඉහළට

Dollar to Sri Lankan Rupee Gold Price in Sri Lanka Sri Lanka
By Sewvandhi Mar 10, 2023 06:17 PM GMT
Report

 අද (10) ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු අවප්‍රමාණයක් පෙන්නුම් කළා.

ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 311.62 ක් ලෙස දැක්වුණු අතර විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 328 ක් ලෙසයි.

ඊයේ (9) ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල 307.36 ක් ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල වූයේ 325.52 ක්.

මේ අතර, ශ්‍රී ලංකා රුපියල හමුවේ එක්සත් ජනපද ඩොලරයේ අගය ශීඝ්‍රයෙන් පහළ යාම පාලනය කිරීම සදහා මහබැංකුව මැදිහත්වී පසුගිය දින කිහිපය තුළ දී ඩොලර් මිලියන 500 ක් පමණ දේශීය විදේශීය වෙළදපොලෙන් මිල දී ගත් බව මහබැංකු වාර්තා පෙන්වා දෙනවා.

මේ අතර රුපියල අද අවප්‍රමාණය වීමත් සමග රත්‍රං මිල ගණන් ද අද දහවල් සිට යළි වැඩිවීමක් පෙන්නුම් කළා. සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමයේ භාණ්ඩාගාරිය ආර්. සුබ්‍රමනියම් සදහන් කළේ මේ වනවිට කැරට් 24 පවුමක මිල රුපියල් 163,000 ක් වන බවයි.


    සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now