ඩොලර් අර්බුදය හමුවේ ඇදුම් වලට වෙන්න යන දේ...

Sri Lanka Clothes Dollar problem Niruksha kumar
By Sewvandhi Mar 16, 2022 01:36 PM GMT
Report

ඩොලර් අර්බුදය සහ විදුලි කප්පාදුව නිසා අවුරුදු සමය වන විට දේශීය නිමි ඇඳුම් මිල 50%කින් වැඩිවනු ඇතැයි සමස්ත ලංකා කුඩා කර්මාන්ත කරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර මහතා පැවසීය.

රුපියල අවප්‍රමාණය වීම නිසා මේ වන විටත් රෙදි මිල සියයට 35 කින් වැඩිවී ඇතැයි ද නිරුක්ෂ කුමාර මහතා කීය. විනිමය අනුපාතය නිරන්තරයෙන් වෙනස් වන තත්ත්වය යටතේ දේශීය සැපයුමේ නිරත ඇඟලුම් කම්හල්වලට ලාභ ලැබීම පිළිබඳ විශ්වාසයකින් නිෂ්පාදන කටයුතු කරන්නට නොහැකි වී ඇති බව ද නිරුක්ෂ කුමාර මහතා පැවසීය.

දිනකට පැය 8 කට ආසන්න කාලයක් විදුලිය කැපීම නිසා කුඩා පරිමාණ ඇඟලුම් කම්හල් හිමියන්ට නිෂ්පාදනයකින් තොරව සේවක පඩි ගෙවීමට සිදු වී ඇති බව ද හෙතෙම සඳහන් කළේය. මෙම අර්බුදයේ වෙනසක් සිදු නොවුන හොත් අවුරුදු සමය වන විට ජනතාවට අතින් හෝ කොළ අතුවලින් විලි වසා ගන්නට සිදු වනු ඇති බව ද සමස්ත ලංකා කුඩා කර්මාන්ත කරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායකවරයා කීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now