ශ්‍රී ලංකා රුපියල ගැන රටටම සුබ ආරංචියක්...ඩොලරයට සිදුවූ දේ..

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Sri Lankan rupee Government Of Sri Lanka Dollars
By Aruna Sep 03, 2023 12:56 AM GMT
Report

2023 දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 13.6කින් ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව සැප්තැම්බර් 01 වැනිදා දක්වා වූ වර්ෂය තුළ අනෙකුත් මුදල් ඒකකවලට සාපේක්ෂව රුපියල හොඳින් ක්‍රියාත්මක වී තිබේ.

මෙම වසරේ මුල් මාස 8 තුළ ශ්‍රී ලංකා රුපියල යුරෝ, ස්ටර්ලින් පවුම, ජපන් යෙන්, ඉන්දීය රුපියල සහ ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව ඉහළ ගිය බව මහ බැංකුව පවසයි.

ඒ අනුව මේ වසරේ මේ දක්වා කාලය තුළ යෙන්ට සාපේක්ෂව රුපියලේ අගය සියයට 24.5 කින් ද, ස්ටර්ලින් පවුමට සාපේක්ෂව සියයට 8 කින් ද, යුරෝවට සාපේක්ෂව සියයට 11.6 කින් ද, ඉන්දීය රුපියලට සාපේක්ෂව සියයට 13.5 කින් ද ඉහළ ගොස් ඇත.