අද ඩොලරයේ වෙනස් වූ වටිනාකම ගැන මහ බැංකුවෙන් දැනුම් දීමක්..නව මිල ගණන් මෙන්න.
පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අද (මැයි 22) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.
මහජන බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 298.29 සිට රු. 297.32 ක් වන අතර විකුණුම් මිල ද රු. 315.32 සිට රු. 314.29 කි.
කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 299.66 සිට රු. 298.90 සහ විකුණුම් මිල නොවෙනස්ව පවතී රු. 312.
සම්පත් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 301 සිට රු. 300 ක් වන අතර විකුණුම් මිල රු. 313 සිට රු. 312.
මේ අතර 2023 වසරේ මැයි 19 වන දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 18.7 කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
එසේම මෙම වකවානුව තුළ දී අනෙකුත් ප්‍රධාන විදේශ ව්‍යවහාර මුදල් ඒකක කිහිපයකටම සාපේක්ෂව ද ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වී තිබෙනවා.
එහිදී ජපාන යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව 24.1% කින්, ස්ටර්ලිං පවුමට සාපේක්ෂව 15.4%කින්, යුරෝ මුදල් ඒකකයට සාපේක්ෂව 17.5%කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව 18.7%කින් 2023 වසරේ මැයි 19 දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |