ඩොලරය යළි රුපියල් 400-450ක් වෙයි?.. විශේෂ පුද්ගලයෙකුගෙන් දැනුම්දීමක්.(VIDEO)
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Sri Lanka
Economy of Sri Lanka
Dollars
By Aruna
ඩොලරයක් රුපියල් 400-450ක් වීමේ ඉඩකඩක් ඇති බව ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ නායක මංජු නිශ්ශංඛ මහතා සඳහන් කරනවා.
දැනට ඇත්තේ විකෘති කරන ලද ආර්ථිකයක් බවත්, එය නැවත ප්‍රකෘතිමත් කර මෙරටට විදෙස් භාණ්ඩ නිදහසේ ගෙන්වීමට ආරම්භ කළ පසු මෙම තත්ත්වය උදා වනු ඇති බවත්, හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.
දැනට ඩොලරයක් රුපියල් 300 මිල සීමාවේ පවතින්නේ ආර්ථිකය විකෘති තත්ත්වයක ඇති නිසා බවත් එය ප්‍රකෘතිමත් වන විට ඩොලරයේ අගය ඉහළ යනු ඇති බව ද ඒ මහතා කියා සිටියා.
එනම් අත්‍යවශ්‍ය ඖෂධ, ආහාර, ඉන්ධන ඇතුළු ආනයනික ද්‍රව්‍ය සාමාන්‍ය පරිදි ගෙන්වීමත් සමඟ මෙම තත්ත්වය ඇති වනු ඇති බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මේ පිළිබඳව වැඩි විස්තර පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |