අදත් ඩොලරය පහලට දමා රුපියල නැගිටියි..නව මිල ගණන් මෙන්න..
ඇමරිකානු ඩොලරයක් හමුවේ ශ්‍රී ලංකා රුපියල අද දිනයේ ශක්තිමත් වී තිබෙනවා. ඒ අනුව අද ඇතැම් රාජ්‍ය හා පෞද්ගලික බංකුවල ඩොලරයක ගැනුම් මිල රුපියල් 309ක් හා විකුණුම් මිල රුපියල් 325 ක සීමාවේ පවතියි.
ශ්‍රී ලංකා මහ බැංකුව විනිමය අනුපාත අනුව ඩොලරයක ගැණුම් මිල රුපියල් 311ක් හා විකුණුම් මිල රුපියල් 327 ලෙස දැක්වෙයි.
ඒ අනුව මෙරට ප්‍රධාන පෙලේ වාණිජ බැංකු කිහිපයක ඊයේ දිනයේ ප්‍රකාශයට පත්කළ විනිමය අනුපාතයන් ට අනුව සටහන්ව තිබුණේ මෙසේය.
හැටන් නැෂනල් බැංකුව සහ සම්පත් බැංකුව විසින් ප්‍රකාශයට පත්කර ඇති විනිමය අනුපාතයන් අනුව ඊයේ(10) දිනයේ අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු.310ක් ලෙස සටහන්ව තිබෙන අතර විකිණුම් මිල රු. 325ක් වේ.
කොමර්ෂල් බැංකුවේ ඊයේ(10) දිනයේදී අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 310.05ක් ලෙස සටහන්ව තිබෙන අතර එහි විකිණුම් මිල සටහන් වන්නේ රු.327.50ක් ලෙසයි.
සෙලාන් බැංකුව විසින් ප්‍රකාශයට පත්කර ඇති විනිමය අනුපාත අගයන් අනුව අමෙරිකානු ඩොලරයේ ගැනුම් අගය ද ඊයේ දිනයේ රු. 311ක් ලෙසත් විකිණුම් මිල රු.329ක් ලෙසත් සටහන්ව ඇත.
මහජන බැංකුව විසින් ඊයේ දිනයේදී අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 309.66ක් ලෙසත් විකිණුම් මිල රු.331.96ක් ලෙසට සඳහන් කර ඇත.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කර ඇති විනිමය අනුපාතයන් අනුව අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු.313.29ක් ලෙසත් විකිණුම් මිල රු. 330.56ක් ලෙසත් සටහන් කර ඇත.
කෙසේවෙතත් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මෙලෙස ඉහළ ගියද එහි වාසිය පාරිභෝගික ජනතාවට නොලැබෙන බවයි බොහෝ පිරිස් චෝදනා කරන්නේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |