යළිත් රුපියල කඩා වැටී ඩොලරය 350 පනී..අද සටහන්වූ නව මිල ගණන් මෙතනින් දැනගන්න..

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Sri Lanka Dollars
By Aruna සති 1 කට පෙර
Report

අද දිනයේ මෙරට වාණිජ බැංකුවල විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල රු.350 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

මහජන බැංකුවට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් අනුපාතිකය ඊයේ රු. 327. 20 ක් ලෙස පැවති අතර එය අද දිනයේදී රු. 332.06ක් ලෙස සටහන් වුවා.

ඩොලරයේ ඊයේ දිනයේ විකිණුම් මිල රු. 346.37 ලෙස සටහන්ව තිබු අතර එය අද දිනයේ සඳහන් වුයේ රු.351.51ක් ලෙසයි.

මේ අතර සම්පත් බැංකුවේ අමෙරිකානු ඩොලරයයේ ගැනුම් මිල රු. 335ක් සහ විකුණුම් මිල රු. 355ක් ලෙස සටහන්ව ඇත.

එමෙන්ම හැටන් නැෂනල් බැංකුවේ ද අද දිනයේ ඩොලරයේ අගය සටහන්ව ඇත්තේ ගැනුම් මිල රු.335ක් සහ විකිණුම් මිල රු.355ක් ලෙස සටහන්ව තිබෙනවා.

කොමර්ෂල් බැංකුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ඊයේ දිනයේ දී රු. 332.96ක් ලෙස සටහන්ව තිබු අතර එය අද දිනයේදී රු.331.58ක් ලෙස පහත වැටී තිබුණා.

කෙසේ වුවත් ඊයේ ඩොලරයේ විකුණුම් මිල රු. 351.50ක් ලෙස සටහන්ව තිබු අතර එය අද දිනයේදී රු. 355ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර සෙලාන් බැංකුවේ ඊයේ ඩොලරයේ ගැනුම් මිල රු.325ක් ලෙස සටහන්ව තිබු අතර එය අද දිනයේදී රු.329ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර ඊයේ දිනයේදී ඩොලරයේ විකිණුම් මිල රු. 346ක් ලෙස සදහන්ව තිබු අතර එය අද දිනයේදී රු.351ක් ලෙස ඉහළ ගොස් තිබුණා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.