අද ඩොලරය සතුටුදායක ලෙස සීඝ්‍රයෙන් පහළ යයි.. නවතම මිල ගණන් මෙන්න.

Dollar to Sri Lankan Rupee Sri Lanka Dollars
By Aruna Mar 08, 2023 07:21 AM GMT
Report

අමෙරිකානු ඩොලරයේ අගය අද දිනයේදී තවත් පහතට වැටී තිබෙනවා.

මෙරට වාණිජ බැංකුවල අද දිනයේදී විදෙස් විනිමය අනුපාතයන් ඊයේ දිනයට සාපේක්ෂව පහත වැටී තිබුණා.

ඒ අනුව කොමර්ෂල් බැංකුව අද දිනයේදී අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු.310.38ක් ලෙස සටහන්ව තිබු අතර විකිණුම් මිල සටහන් වුයේ රු.328ක් ලෙසයි.

මේ අතර හැටන් නැෂනල් බැංකුව අද දිනයේදී අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු.310ක් ලෙසත් විකිණුම් මිල රු.330ක් ලෙසයි සටහන් වුයේ.

මේ අතර රජයේ ප්‍රධාන බැංකු දෙක වන මහජන බැංකුව අද දිනයේදී අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 312.97ක් ලෙසත් විකිණුම් මිල රු. 336.65ක් ලෙස සටහන්ව තිබුණා.

එමෙන්ම ලංකා බැංකුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු.315ක් ලෙසත් විකිණුම් මිල රු. 335ක් ලෙසත් සදහන් කර ඇත.

ඊයේ දිනයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබූ දෛනික විනිමය අනුපාතයන් අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සටහන් වුයේ රු.318ක් ලෙසයි, එමෙන්ම විකිණුම් මිල රු. 335ක් ලෙස සටහන්ව තිබුණා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now



ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්.
වැඩි විස්තර මෙතැනින් බලන්න.