ලංකාවට ඩොලර් එන ප්‍රමාණය වැඩි වෙයි..රටටම සුබ පණිවුඩයක්..

Dollar to Sri Lankan Rupee Sri Lanka Dollars
By Aruna Jun 27, 2022 11:08 PM GMT
Report

මෙම වසරේ ජනවාරි සිට මැයි මස දක්වා මාස 5 ක කාලය තුළ ශ්‍රී ලංකාව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 5 ක අපනයන අදායමක් උපයා ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා.

ඇඟලුම් සහ රෙදිපිළි, පොල් ආශ්‍රිත නිෂ්පාදන, ඉලෙක්ට්‍රොනික උපකරණ සහ උපාංග, ආහාර පාන, මුහුදු ආහාර සහ විසිතුරු මාළු අපනයනය මෙම වසරේ පළමු මාස 5 තුළ වර්ධනයක් පෙන්නුම් කර ඇත.

තේ, රබර් ආශ්‍රිත නිෂ්පාදන,කුළුබඩු සහ සාන්ද්‍ර නිෂ්පාදන අපනයනය මෙම වසරේ පළමු මාස 5 තුළ වර්ධනයක් පෙන්නුම් කර නොමැත.

ගිය වසරේ මැයි මාසයේ අපනයන අදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 891.7 ක් වූ අතර එය මෙම වසරේ මැයි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 980.2 ක් දක්වා වර්ධනය වී ඇත.

පසුගිය වසරේ පළමු මාස 5ට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 5 තුළ වෙළඳ භාණ්ඩ අපනයනය සියයට 9.7 කින් වැඩි වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery