ඩොලරයට සාපේක්ෂව රුපියලට වෙච්ච දේ මෙන්න..

Dollar to Sri Lankan Rupee Sri Lanka Economy of Sri Lanka
By Aruna Jun 13, 2022 06:00 AM GMT
Report

වසරේ මේ දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 44.3% කින් පහළ ගොස් තිබෙන බව මහ බැංකුව පවසනවා.

පසුගිය මැයි 13 වෙනිදා හඳුන්වාදුන් විදේශ විනිමය ස්ථායිකරණ ප්‍රපත්තිය යටතේ රුපියලේ අගය යම්කිසි ස්ථාවරත්වයක් අත්කර ගනිමින් සිටින බව නිරීක්ෂණය කර ඇති බව මහ බැංකුව සඳහන් කළා.

ඒ අනුව අනෙක් මුදල් එකක වලට සාපේක්ෂව එය පහළ ගොස් ඇති අයුරු පහතින් දැක්වේ.

යූරෝ මුදල් ඒකකයට සාපේක්ෂව 40.7% ස්ටාර්ලිං පවුමට සාපේක්ෂව 39.8% ජපාන යෙන් මුදලට සාපේක්ෂව 35.1% ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව 43.1% එමෙන්ම පසුගිය 10 වෙනිදා ඉන්දියානු රුපියලට සාපේක්ෂව 41.7%කින් පහළගොස් තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now