හදිසියේම ඩොලරයට අද සිදුවූ දේ මෙන්න... ඉදිරියේදී රට හරියයි?..
බලපත්‍රලාභී වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 310 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
දිගින් දිගට ම රුපියල අවප්‍රමාණ වීම පසුගිය සමයේ ම දක්නට ලැබුණු කරුණක්.
මේ හේතුවෙන් ඩොලරය දිනෙන් දින ඉහළ ගිය අතර, මෙම තත්ත්වය බරපතළ ආර්ථික අරාජිකත්වයක ලක්ෂණයක් බව යි ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ.
මෙලෙස ඩොලරයේ අගය ඉහල යෑමෙන් මෙරට වෙළඳ පොලෙහි ප්‍රබල අස්ථාවර තත්ත්වයක් හටගෙන තිබේ.
ඒ හේතුව නිසා අධික ලෙස භණ්ඩ මිල ඉහළ යෑමෙන් ජනතාව දැඩි අසීරු තත්ත්වයකට පත්ව ඇති බවට රට පුරා සිටින ජනතාවගෙන් මැසිවිලි නැගෙන බව අප වාර්තාකරුවන් පවසයි.
මෙයට හොදම උදාහරණයන් නම්, සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2000 ඉක්මවීමත්,ගෙවල් සෑදීමට ගන්නා කම්බි වල මිල අධික ලෙස වැඩි වීමත්,ඉන්ධන මිල සහ ගෑස් මිල අධික වීමත්,කෘෂිකර්මාන්තයට අවශ්‍ය රසායනික පොහොර සහ කෘමිනාශක වර්ග වල මිල ගණන් ඉහළ යාමත් ය.
මේ අතර රටේ මේවන විට උද්ගතවී ඇති ව්‍යාකූල දේශපාලන තත්ත්වය නිසා ඩොලරයට ඉදිරියේදී කුමක් සිදුවේදැයි පැවසිය නොහැකි බව ආර්තික විශ්ලේෂකයින් පවසයි.